𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 10

4.7K 595 50
                                    

...AFTER ONE WEEK...

සතියක් ගෙවිලා ගියේ හරි වේගයෙන්...රෝස් බෝගම් එක්ක හොයන්න පුළුවන් හැම තැනකම තේහියුන්ව හෙව්වා එත් ඒ හැම උත්සාහයක්ම අසාර්ථක උනේ රෝස් ඒ නිසා හොදටම අසනීප කරවලා...අනික් පැත්තෙන් ජෙනී හෝසොක් දෙන්නා කොරියාවට යන්න හිතපු තීරණේ වෙනස් කලා...මේ සතිය ඇතුලත ජන්කුක් ඒ හැමදේමත් දැන ගත්තා ජෙනී පැනලා ගියේ හෝසොක් එක්ක කියලා...ජන්කුක්ගේ හිතේ හෝසොක් ගැනත් ජෙනී ගැනත් තිබුන අසීමාන්තික වෛරය හැමවෙලේම ජන්කුක් පිට කලේ තේහියුන් ගේ පිටින්...

මේ ගෙවුන සතිය පුරාවටම තේහියුන් ගේ ඇස් කදුලින් තෙත් නොවුන දවසක් නැති තරම්...ජන්කුක් හැමවෙලේම තේහියුන්ට සැලකුවේ හරිම පහත් විදියටයි...ජන්කුක් තේහියුන්ට යුනිවර්සිටි යන එක තහනම් කලේ තේහියුන්ගේ හැම හීනයක් ම විනාශ කරලා දාලයි...බොහොම අමාරුවෙන් ඉගෙන ගෙන යුනි එකට තේහියුන් තේරුනේ එත් ජන්කුක් ඔහුට යුනි යන එක නවත්තන්න කියලා කිව්ව වෙලාවේ තේහියුන්ට ලොකු දුකක් දැනුනා...අනික් පැත්තෙන් මීඩියා වලත් ජන්කුක්ගේ වෙඩින් එක ගැන කතාව දුර දිග ගියේ නැත්තේ ජන්කුක් ඒ හැම කම්පැනි එකකටම පගාව දීලා ඒ නිව්ස් එක පැතිරෙන එක නවත්තපු නිසයි...

මේ සතියේ ජන්කුක් හිටියේ වැඩ ගොඩකට හිර වෙලා...අද දවසෙම ජන්කුක්ට මීටින් හතරක් පමණ තිබුනා...ඒ හැම එකකටම ගිහින් ජන්කුක් අන්තිමට ඔහුගේ කැබින් එකට ආවේ හොදටම මහන්සියෙන් හෙම්බත් වෙලා...ඔහුගේ කැබින් එක ඇතුලේ තිබුන කෝච් එකෙන් ඇවිත් හාන්සි උන ජන්කුක් ෆෝන් එක අතට අර ගත්තේ මිසිස් ජියොන් ට කෝල් එකක් ගන්න කියලා හිතාගෙනයි ඒත් දුරකථනය ක්‍රියා විරහිත වී තිබූ නිසා ජන්කුක් ලොකු හුස්මක් පිට කරමින් නැවතත් එය සාක්කුවට දාගත්තා...

" May I come in..? "

කැබින් එකේ දොරට තට්ටු කරමින් ජීසූ ජන්කුක්ට කතා කලා...

" Come in..."

" ඕයි තිබ්බ මිටින් ඔක්කෝම ඉවරයි දැන් හුගක් රෑ වෙලා ගෙදර යන්නේ නැද්ද වැස්සකුත් එන්න වගේ...?? "

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now