𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 57

3.9K 544 273
                                    

ටික්... ටොක්...

ටික්... ටොක්...

ජියොන් මන්දිරයේ පැවතුන ඒ මූසල නිහැඩියාව බිදිමින් පැතිර යන විශාල ඔරලෝසුවේ තප්පර කට්ට දුවන හඩට සවන් දෙනවා ඇරෙන්නට වෙන කරන්නට යමක් කිසිවෙකුට හිතාගන්නට නොහැකි වුනා.. විශාල සාලයේ සුඛෝපභෝගී දිගු සෝෆාව මැද කකුල් පිට කකුලක් දාගෙන වාඩි වී සිටි ඩෙවන් ගුක්ගේ දකුණු අත ඒ සෝෆාවේ වත මත දිගා තිබුනා.. ඒ අතෙහි අවසානයේ අතැගිලි මත වුනු දැවී යන සිගරට්ටුවේ දුමාරය හෙමි හෙමින් හිස් අවකාශයට එකතු වෙනවා...

ඔහු වාඩි වී සිටින සෝෆාව දෙපස සීරුවෙන් හිටගෙන ඉන්න යුන්ගි සහ හියුන්ජින් තවමත් ඉවසීමෙන් බලා සිටිනවා නාඩගම් කරුවන්ගේ රංගනයන් එලි දක්වනකම්...

" ඩෙවන්... ඇයි අපි තවත් බලාගෙන ඉන්නේ ? "

මිස්ටර් කිම් තේජූන් අඩියක් ඉදිරියට තියමින් පැමිණ ඩෙවන් ඉදිරියේ දණගසා සිටින සෙයින්ගේ පිටට පා පහරක් එල්ල කලා...

" මූව එකපාරටම ඉවරයක් කරලා දාන්නයි ඕන ! "

සෙයින්ට ගහපු පයින්ම ඔහුට එහා පසින් දණගසා සිටින චාලීටත් පහරක් එල්ල කරමින් ඔහු කෑ ගැසුවා.. ඒත් ජන්කුක්ගේ මුව අග ඇදුනු හිනාව නම් දැක්කම ඕනෑම කෙනෙකුට පේනවා අම්මා මැරුණා කියලා නම් ඔහු දුක් වෙන්නේ නෑ කියලා..

කින් , අබ්දුල් සහ මිස්ටර් කිම් එක එල්ලේ ජන්කුක් දිහා බලාගෙන හිටියේ මේ ගෙවී ගිය පැයක කාලය තුල කිසිවක් නොකී ඔහුගේ මුවින් යම් වචනයක් හෝ පිට වෙයි කියායි... නමුත් සැරින් සැරේ සිගරට් එක තොල් අතරට අරගෙන දුම් වලල්ලක් පිට කරනවා ඇරෙන්නට ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවූවා..

" ඩෙවන් මොනා හරි කියපන් බන්..."

බලාගෙන ඉදලා ඇතිවුන තැන කින් තමන්ගේ හඩ අවදි කරද්දි ජන්කුක්ගේ රත්පැහැ වුනු උකුස්සෙකුගේ ඇස්වලටත් වඩා තියුණු දෑස් යුගලය ඔහු වෙතට එල්ල වුණා...

" හ්ම්ම්.... "

ආයෙමත් ඒ පුරුදු නෝක්කාඩු බැල්ම... සිගරට් දුම ... ඒත් එක්කම ජන්කුක් සෝෆාවෙන් නැගිට්ටා.. අත් පිටුපසට කර බැදගත් ඔහු පොළවේ ඇති කලු පැහැති ටයිල් කැට දිහා බලාගෙන අඩි කිහිපයක් ඉදිරියට පැමිණියා...

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now