𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 17

6K 626 285
                                    

පඩිපෙල ලග නතර වෙලා ලොකු හුස්මක් හෙලපු තේහියොන් හෙමීට පඩි නගින්න ගත්තේ එන්න එන්නම වේගයෙන් ගැහෙන පපුව උඩින් එක අතක් තියාගෙන...ජීවිතය අපිත් එක්ක සෙල්ලම් කරන්න හදනවා කියන්නේ මේකට තමයි...ඉස්සර එයා දකින්න ආසම රූපය...පැය ගානක් වුනත් ඒක දිගට බලාගෙන ඉන්න පුළුවන් රූපය.. පනටත් වඩා ආදරය කරපු රූපය... අද ?? අද තමන් මේ ලෝකේ දකින්න බයම රූපය බවට පත් වෙලා...තමන් වැඩි පුරම වෛර කරන රූපය වෙලා...ඒ රූපය අද තමන්ගේ ජීවිතය විනාශ කරපු ඒ තිරිසනෙක් වෙලා...ඉතින් තේහියොන්ගේ දෛවය එයාගේ ජීවිතය තප්පර කිහිපයකින් උඩුයටිකුරු කලා...

" ජ--ජන්කුක්.... "

දොරේ අගුල ට අත තියාගෙන තේහියොන් කතා කලා..

" එන්න !!! "

ඇතුලින් ඇහුණ ගැඹුරු ගෙරවීමට කොන්ද දිගේ කරන්ට් එකක් යනවා වගේ හැගීමක් දැනෙද්දි වෙව්ලන අතින් අගුල කරකවා තේහියොන් දොරත් ඇරගෙන කාමරය ඇතුලට ගියා...

ඒ යනකොටත් ජන්කුක් හිටියේ ඒ විශාල කලුපාට ඇතිරිලි වලින් ආවරණය කරපු ඇඳ උඩ.. කලුපාට ශෝට් එකක් විතරක් ඇදගෙන ඇදේ දිගාවෙලා හෙඩ්බෝඩ් එකට ඔලුව තියාගෙන සිගටර් දුම වා තලයට මුදා හරින ඔහුව දුටු සැනින් තේහියොන්ට හිතුනේ ආපස්ස හැරිලා දුවලා යන්න...

" ඕහ් Slut !! කාලා ඉවර ද ?? "

නහයෙන් පිටවුන දුම් වළල්ල දිහා බලාගෙන ජන්කුක් අහද්දී තේහියොන් ඔලුව වැනුවා..

" හ්ම්ම්...එන්න ඇවිත් වාඩි වෙන්න.. "

ජන්කුක් තමන්ගේ එහා පැත්තේ මෙට්ටය ට තට්ටුවක් දාලා කතා කලාම තේහියොන් ලොකු කෙල ගුලියක් ගිල්ලා.. හෙමීට ඇවිත් ජන්කුක් ගාවින් වාඩි වුන තේහියොන් සිගරට් දුමෙන් එන අප්‍රසන්න සුවදට නහය හකුලනවා ජන්කුක් දැක්කා..

" ඇයි සිගරට් ඇලජික්ද ?? "

" න්...නෑ.. "

" එහෙනම් ඔය නහය වහගෙන ඉන්නේ ??? "

" ඟ්...ගඳයි... "

තේහියොන් බයෙන් බයෙන් තමන්ගේ වචන කිව්වාම ජන්කුක්ට හිනා ගියේ ඒ හුරතල් මූණ දැකලා.. හිනාවෙන ජන්කුක් දිහා එකපාරක් බැලුව තේහියොන් ආයෙමත් තමන්ගේ ඔඩොක්කුව දිහා බලාගෙන ඇගිලි එක්ක සෙල්ලම් කරද්දී තොල් අතර හිරවුන සිගරට් එක අරගෙන ඇද ලග තිබුන කුණු කූඩයට දාපු ජන්කුක් තේහියොන් උරහිස වටේ අතක් යවලා තමන්ගේ ඇගට ඔහුව හේත්තු කරගත්තා...

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now