𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 52

3.6K 545 249
                                    

One Month Later...

අදුරේ ගිලී තිබූ විශාල කාමරේ යන්තමින් හෝ එලිය වෙලා තිබුණේ ජනෙල් තිර රෙදි අතරින් වැටුණ හඳ එළිය නිසයි..කාමරේ මුල්ලක බිම තවමත් බාගෙට දැල්වෙන සිගරට් එකෙහි දුම් වලාවන් හිමින් හිමින් වා තලයට මුහු වෙමින් මුලු කාමරේ පුරාම පැතිරිලා ගියා..වීදුරු බෝතලයක් සැරින් සැරේ බිත්තියේ ගැටෙන හඬ ඇරෙන්නට අන් කිසිදු ශබ්දයක් ඒ කාමරය ඇතුලෙන් අසුනේ නෑ..බිත්තියට හේත්තු වෙලා බිමින් හිඳ ගෙන සිටි ජන්කුක්ගේ මලානික,මත් බවින් යුතුව තිබූ ඇස් අගින් නොනැවතී වැටෙන උණුසුම් කදුළු කැට දෙක තුනක් ටයිල් පොලොව මතට කඩාගෙන වැටුණා..දෑස් තෙමමිත් ගලාගෙන යන කදුළු ගානකට නොගත් ජන්කුක් අතෙහි වූ විස්කි බෝතලය නැවත වරක් තොල් මත තියාගෙන එක උගුරට එය හිස් කරන්නට පටන් ගත්තා..

කෝපය,වේදනවා,දුක මේ සියලු හැගීම් පරයා තමන් ගැනම හිතේ නැගෙන වෛරය ජන්කුක් ගේ හදවතට ලොකු වේදනාවක් ගෙනෙන්නට සමත් උනා.. ජන්කුක් පසුතැවුනේ තමත් ගැනමයි..මුලු කොරියාවම පාලනය කරන ව්‍යාපාරිකයෙක් වෙලත්,පාතාල ලෝකේ නායකයා වෙලත් තාමත් යක්ශයාට බැරි උනා තමන්ගේ වටිනම වස්තුව හොයා ගන්න..ඔහු හිතින් දහස් වතාවකටත් වඩා තේහියොන් ගෙන් සමාව අයදිනවා..තේහියොන් ගෙන් විතරක්ම නෙවෙයි තාම මේ ලෝකේ එළියවත් දැකලා තේහියොන් ගේ කුසේ වැඩෙන එයාගේ පුංචි පැටියගෙනුත් ජන්කුක් සමාව ඉල්ලුවා..

ජන්කුක් හිටියේ බාගෙට පිස්සු වැටිලා..ජන්කුක් ට දැනුනේ තමන් මේ ලෝකේ තනි වෙලා වගේ හැගීමක්..
ජන්කුක් ගැන හොයලා බලන්න දාහක් දෙනා හිටියත් ඔහුට දැනුනේ තමන් මේ ලෝකේ තනි වෙලා වගේ හැගීමක්..ඒ හැමදේටම ලොකුම හේතුව උනේ කිසිම කෙනෙකුට රෝසමලට පුලුවන් උනා වගේ ඩෙවිල්ව තේරුම් ගන්න බැරි උනා..ඩෙවිල් ගේ හිතේ තියෙන හැගීම් තේරම් ගන්න බැරි උනා..ජන්කුක් කියන්නේ තමන්ගේ හැගීම් හිතේ හිර කරගෙන ඉන්න කෙනෙක් විශේෂයෙන්ම දුක කියන දේ..ඒත් තේහියොන් හැමතිස්සෙම ජන්කුක් ව තේරුම් ගත්තා..තේහියොන් තරම් ජන්කුක් ගැන දන්න, ජන්කුක් ව තේරුම් ගත්ත, ජන්කුක් ට ආදරේ කරන, ජන්කුක් ව සනසන කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නෑ..

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now