𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 02

4.7K 625 35
                                    


" what...?? "

" Tae..."

ජෙනී තේහියොන් ගේ පපුවට ඔලුව තියන් හොදටම අඩන්න ගත්තාම තේහියොන් ගේ ඇස්වලිනුත් පුංචි පුංචි කදුලු කැට කම්මුල් දිගේ ගලාගෙන ගියා...තේහියොන් ට දැනුනේ පිහි දාහකින් එයාගේ පපුවට අයිනවා වගේ හැගීමක් ඒත් කවදාහරි මේ දේ තමා වෙන්නේ කියලා ඔහු තමන්ගේ හදවතට තේරුම් කරන්න ගත්තා...එයාට ජන්කුක් කවදාවත් අයිති නෑ...අඩුම තරමේ ජන්කුක් ට ලං වෙන්නවත් තේහියොන් සුදූසු නෑ කියලයි ඔහු හිතුවේ...

ටික වෙලාවක් යනකල් ජෙනී වත් තේහියොන් වත් මුකුත් කතා කලේ නෑ... ජෙනී කලේ පුලුවන් තරම් තේහියොන් ගේ පපුවට තුරුළු වෙලා අඩපු එක.. ජන්කුක් එයාගේ නෙවෙයි කියලා තමන්ගේ හදවතට තේරුම් කරන ගමන් තේහියොන් ජෙනී ගේ හිස මෘදුව පිරිමදින්න ගත්තාම ජෙනී එයාගේ ඔලුව උස්සලා තේහියොන් දිහා කදුලු වලින් පිරුණු බොද වුන ඇස් වලින් බැලුවා...තේහියොන් මද සිනහවකින් ජෙනී ගේ උරහිසට අත තියලා ඇයව ටිකක් ඈත් කලේ ඇස් වල කදුලු පිහදාලා මුහුණ ව්‍යාජ සිනහවකින් පුරව ගන්න ගමන්...

" C...Congratulations !! "

" තමුසෙට පිස්සුද තේහියොන්...?? මොනාද කියවන්නේ ආහ්...?? මොන සුබ පැතුම් ද...?? මං ඒ යකාට කැමති නෑ..."

" මං මොනාද කියන්නේ...?? "

" අපි මේ මගුල කොහොම හරි කඩන්න ඕන..."

ජෙනී ආවේගශීලී කටහඩකින් කිව්වාම තේහියොන් ඇස් ලොකු කරගෙන ඇය දිහා බලාගෙන හිටියා...තේහියොන් හිතන්නවත් කාලයක් නොතියා ජෙනී ඔහු ගේ අතින් ඇදගෙන ලෙක්චර් හෝල් එක පැත්තට දිව්වේ ඇස් වල කදුලුත් පිහද පිහද...

" ඇතුලේ හෝසොක් ඔප්පා ඉන්වානම් මේ දැන්මම වහාම මෙතනට එන්න කියනවා..."

ජෙනී ඩාන්සින් hall එකේ එලියේ හිටිය ලමයෙක්ට කෑ ගැහුවේ යක්ෂණියක් වගේ තේහියොන්නුත් හිටියේ ගොඩක් බය වෙලා ජෙනී මේ වගේ හැසිරෙනවා තේහියොන් මීට කලින් දැකලා තිබූනේ නෑ...

" දැන් නම් ඇතුලට යන්න බෑ එයා practic-"

" එහාට යනවා!!! "

ජෙනී එතන හිටිය ලමයාව තල්ලු කරලා දොරත් ඇරගෙන ඩාන්සින් hall එකට ඇතුලට ගියා...අඩි පොලොවේ හප්ප හප්ප තේහියොන් ගේ අතින් ඇදගෙන එන ජෙනී ව දැකලා හෝසොක් මියුසික් ප්ලෙයර් එක ඔෆ් කලේ කේන්තියෙන්...

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now