𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 61

4.2K 514 269
                                    

වැහි බින්දු පොලව මතට එක පිට එක වැටෙන්නට පටන් ගන්නකොට වෙලාව රෑ එකොළහත් පහු වෙලා වෙන්නට ඇති.. පෙරලිලා ගිය බෙන්ස් රථය ඇතුලෙන් යාන්තමට ඇහුනේ හියුන්ජින්ගේ වේදනාත්මක කෙදිරීම්.. රථයට අඩි කිහිපයක් ඈතින් ජන්කුක් සිහි නැතව වැටිලා තිබුනා... නලල පැත්තක් තුවාල වී ගලන රුධිරය ඒ හැමතැනම විසිරිලා.. ඔය අතරේ මං තරම් වෙලාවක් සිහිසුන්ව හිටිය කෙනෙකුගේ දෑස් විවර වුනා....

" ආ.... "

ජන්කුක්ට ටිකක් ඈතින් බිම වැටිලා උන්නු තේහියොන් වේගයෙන් හුස්ම ගන්න ගමන් ඉනෙන් ඉස්සුනේ කුසෙන් දැනුනු අධික වේදනාවක් සමග... එක අතකින් කුස අල්ලගෙන අනිත් අත තාර පොලවට බර කරමින් ඔහු නැගිටින්නට උත්සාහ කලා නමුත් අත පය සීරීලා ගිය ඒ ගතට ශක්තියක් නැති හැඩයි... වේදනාවට ඈස් තද කරලා ආයෙමත් අරින ගමන් තේහියොන් හෙව්වේ ජන්කුක්ව...

" ද්-දෙයිය-නේ... ක්-කු-කී..... "

මහපාර මැද මුණින් අතට වැටිලා ලේ විලක් මැද තනිවුණු ජන්කුක්ව දුටු සැනින් තේහියොන්ගේ ඇගට කොහේදෝ නැති පණක් ආවා..තනි අතින් කුස අල්ලගෙන අනිත් අතින් පොලවට වාරු වෙලා තේහියොන් අඩ අඩම ජන්කුක් ගාවට අමාරුවෙන් ලං වුනේ විලිරුදාවෙන් පීඩා විඳින මොහොතක...

" ක්-කුකී..නැගිටි-න්න..අ-නේ හියුන්.. නැගි-ටින්න..."

ජන්කුක්ව උඩු අතට පෙරලමින් තේහියොන් කතා කලත් ජන්කුක්ගෙන් ප්‍රතිචාරයක් නැහැ..ලේ වලින් පෙගුණු මුහුණ දෑත් අතරට අරගත්ත තේහියොන් හයියෙන් අඩන්න පටන් ගත්තේ වේදනාව බය අසරණ කමින් මිරිකුනු අවස්ථාවක..

" අනේ කුකී... ආහ් නැගිටින්නකෝ... "

ජන්කුක්ගේ හිස තමන්ගේ උකුලට අරගෙන ඒ කම්මුල් වලට තට්ටු කර කරාම තේහියොන් අඩනකොට ඒ ඇස් වලින් වැටෙන කදුලු අහසින් වැටෙන වැහි බින්දු ජන්කුක්ගේ මූණ මතට ටිකෙන් ටික වැටෙන්න පටන් ගත්තා...

" ම්හ් ~ "

ජන්කුක්ගේ මුවින් පිටවුනු හීන් හඩ එක්ක ඒ කලු පාට මළාණින දෑස් ටිකෙන් ටික විවර වුනා.. යාන්තමට විවර වුනු දෑස් පියන් අතරින් ජන්කුක් දැක්කේ මූණේ තැනින් තැන ලේ ගලන සිරීම් එක්ක අඩන තේහියොන්ව...

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now