" Baby ~ "
මුහුද දිහාම බලාගෙන සිටින ඔහුගෙන් ඒ සුපුරුදු ආමන්ත්‍රණය පිටවෙද්දි.. තවත් ඉවසන්නට තරම් ශක්තියක් නැති තැන තේහියොන් ඉබේම කාපට් පොලව මත දණින් වැටුනේ අත් දෙකින්ම තමන්ගේ මුව වසාගෙන පිටවෙන්නට හදන හැඩුම් හඩ වලක්වා ලමින්..
ජන්කුක් හිමින් හිමින් තේහියොන් අසලට ලං වෙද්දි ජන්කුක් දිහාම බලන් හිටිය තේහියොන් ගේ ඉකි ගැසීම එන්න එන්නම වැඩි වෙන්න ගත්තා..තේහියොන් ට තාමත් විශ්වාස නෑ ජන්කුක් තමන් ඉදිරියේ ඉන්නවා කියලා..තේහියොන්ට මේක හීනයක් වගේ..මෙච්චර කල් බලන්න ආසාවෙන් හිටිය , කවදා හරි එයි කියලා බලාපොරොත්තුවෙන් හිටිය කෙනා දැන් තමන් ඉදිරියේ ඉන්නවා ! ඒත් තාමත් තේහියොන්ට මේ සිද්ධ වෙන දේවල් විශ්වාස නෑ..
ජන්කුක් ඇවිත් තේහියොන් ලගින්ම දණ ගහගත්තේ තේහියොන් ඇස් බෝල කරන් ඔහු දෙස බලා හිදිද්දී..
" මැණික ! "
ජන්කුක් පුංචි වලස් පැටියාගේ කම්මුල් තමන්ගේ අත් අතරට පරිස්සමින් මැදි කරගන්න ගමන් මිමිණුවාම තේහියොන්ට ඔහුගේ පපුව හිර වෙනවා වගේ හැගීමක් දැනුනා.
" ජ්-ජ-න්කූ...."
තේහියොන් ජන්කුක්ගේ මූණ පුරාම බියෙන් වගේ ඇගිලි තුඩු ගෙන ගියේ මේ ඔහු දකින්නේ සිහිනයක් නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරමින්..තේහියොන්ට දැන්නම් හොදින්ම විශ්වාසයි මේ හීනයක් නොවෙයි කියා..කදුළු අතරින්ම තේහියොන් ගේත් ජන්කුක් ගේත් මුවට සිනහවක් ආවේ නිරායාසයෙන්මයි..
" කුකී !! මගේ කුකී !! "
" මගේ පණ !! "
තේහියොන් ජන්කුක්ගේ පපුවට තුරුලු වෙලා පුලුවන් තරම් හයියෙන් කෑ ගහලා අඩන්න ගත්තේ කියාගන්න බැරි තරම් දැනෙන සතුටට ජන්කුක් ගේ දෑස් පවා හිමින් හිමින් කදුළු කැට වලින් තෙත් වෙද්දි..තේහියොන්ව තමන්ගේ සිරුරට වාරු කරගෙන කාපට් පොළොවෙන් වාඩි උන ජන්කුක් තේහියොන් තමන්ගේ උකුලට අරන් තදින්ම ඒ උණුහුමට තුරුළු කරගත්තේ ඒ මග හැරුණු එකිනෙකා ගේ උණුහුම හිතේ හැටියට විදගනිමින්...
තේහියොන් ආසම දේ ඩෙවිල් ගේ උණුහුමට තුරුළු වෙමින් හුස්ම ගන්න එක..තේහියොන් ජන්කුක්ගේ උණුහුමට ගොඩක් ලෝභ කලා..ඒ උණුහුම ලග තේහියොන්ට ලොකු ආරක්ෂාවක් දැනුනා..තමන් සම්පූර්ණයි වගේ හැගීමක් දැනුනා..ඒ වගේම ලොකු ආදරයක් දැනුනා..ඒත් ඒ දැනෙන හැගීම ඇත්තක් ද යන්න තේහියොන්ට විශ්වාස කරන්න බැරි උනා..
YOU ARE READING
ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓
Fanfiction" ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට මහපට ඇඟිල්ලෙන් පිසදැම්මේ නැවත Taehyung ගේ හිස් මුදුනින් ආදරණීය හාදුවක්ද තබමින්... " ආයේ කවුරු හරි bab...