...Next Day Morning...
උදේ හතට විතර ජන්කුක්ට ඇහැරුනේ maids ලා එහෙ මෙහෙ දුවන ගමන් වැඩ කරන සද්දෙටයි...ඇස් දෙකත් පොඩි කර කර ඇදෙන් නැගිට්ට ජන්කුක් ඇගමැලි කඩමින් ලොකු හුස්මක් පහතට හෙලලා බිත්තියේ එල්ලලා තිබුන ඔරලෝසුවෙන් වෙලාව බැලුවා...ඔෆිස් යන්න තව වෙලාව තියෙන නිසා ජන්කුක් වොශ් රූම් එකට ගොඩ උනේ පැය දෙකක් වත් නාන්න කියලා හිතාගෙනයි...වෙනදා වගේ මිසිස් ජියොන් ඇවිත් කෑ ගහන්නේ නැති නිසත් කොල්ලා හිටියේ ටිකක් දුකින්...
ශවර් එක යටට වෙලා පැයක් විතර වොශ් දැම්ම ජන්කුක් බාත් රොබ් එක ඇදගෙන වොශ් රූම් එකෙන් එලියට ඇවිත් කෙලින්ම ගියේ ක්ලොසට් එක ලගට...ඇදුම් එක එක ඇද උඩට විසි කරමින් ජන්කුක් තමන්ට ගැලපෙන විදියේ ඇදුමක් හොයන්න මහන්සි උනා...අන්තිමට ජන්කුක් ඔහුට සරිලන ඇදුමක් හොයා ගත්තා... ඉක්මනින් ඇදුම් ඇදගෙන ජන්කුක් පහල මහලට ඇදුනේ උදෑසන ආහාරය ගැනීමටයි...
" good morning sir!! "
" Morning!! "
පඩිපෙල පිරිසිදු කරමින් සිටි සේවිකාවන් දෙදෙනෙක් ජන්කුක් ට හිස නමා ආචාර කරද්දි ජන්කුක් කෙටියෙන් පිලිතුරු දෙමින් පඩිපෙල බැස්සා...අනික් සේවිකාවන් ද ජන්කුක් පැමිණෙද්දි හිස නමා ආචාර කොට නැවත ඔවුන්ගේ කාර්යයන් සඳහා අවධානය යොමු කලා...
ඩයිනින් ටේබල් එකෙන් ඇවිත් වාඩි වෙලා ජන්කුක් කෑම කන්න පටන් ගත්තේ ඔහු ඉදිරියේ තිබුණ හිස් පුටුව දෙසත් බලමින්...වෙනදට මිසිස් ජියොන් එතන හිටියත් අද මිසිස් ජියොන් නැති නිසා ජන්කුක් ට මුලු ගෙදරම ලොකු පාලුවක් කාන්සියක් දැනුනා...
" Sir!! "
එක් සේවිකාවක් ජන්කුක්ගේ දැහැන බිදිමින් ජන්කුක්ව අමතන්නට උනා...
" කියන්න..."
" Sir!! තේහියුන් සර්ට කෑම ගෙනිච්චා එත් එයා-----"
" ඔහ් ශිට්!!!!!!!!! "
කුලප්පුව වෙච්චි මී හරකෙක් වගේ ජන්කුක් ඉදගෙන හිටිය නැතිත් නැගිට්ටා...ජන්කුක් නැගිට්ට පාර මේසේ උඩ තිබුණ කෑම පිගාන බිමට වැටිලා සී සීකඩ කුඩු වෙලා ගියත් ඒ ගැන බලන්න තරම් ජන්කුක් සන්සුන් කමකින් නෙවෙයි හිටියේ...එක පාරටම වෙච්ච දේ නිසා සේවිකාව ඇස් පුදුමෙන් ලොකු කරගෙන ජන්කුක් යන දිහා බලන් ඉදලා අපිරිසිදු වෙච්ච ටයිල් පොලව පිරිසිදු කරන්න ගත්තා...
YOU ARE READING
ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓
Fanfiction" ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට මහපට ඇඟිල්ලෙන් පිසදැම්මේ නැවත Taehyung ගේ හිස් මුදුනින් ආදරණීය හාදුවක්ද තබමින්... " ආයේ කවුරු හරි bab...