𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 24

7K 671 324
                                    

" ආ brother !! "

සෙලේනා කාමරේ ඉදන් ඇවිත් හවස TV එක බල බල කවුච් එකේ ඉදන් හිටිය ජන්කුක් ගේ උරහිසට පහරක් එල්ල කරමින් ජන්කුක්ගේ එහාපැත්තෙන් ඇවිත් වාඩි උනේ කට කොනින් නැගුන සිනාවක් එක්කමයි...

" මොකද!?? ඇයි අත පය කසනවද...?? "

ජන්කුක් සේලෙනා දිහාවට නොරිස්සුම් බැල්මක් හෙලමින් අහද්දි සෙලේනා ඔලුව දෙපසට වනමින් සිනා උනා...සෙලේනාව ගනන් නොගත්ත ජන්කුක් ආයෙත් ටෙලිවිෂන් තිරයට අවදානය යොමු කරද්දි සෙලේනාගේ ඔලුවට ආවේ මහ කපටි අදහසක්...ලීසා kitchen එකේ ජන්කුක් වෙනුවෙන් කෑම හදන්න මහන්සි වෙද්දි තේහියොන් නුත් මෙතන නැති නිසා සෙලේනාට ඕන උනේ ජන්කුක් ව පොඩ්ඩක් අවුස්සන්න...

" ම්ම්...මේ කෝ තේහියොන් ඔප්පා!!?? එයාව හවස ඉදන් දැක්කේ නෑනේ..."

සෙලේනා තේහියොන් ගැන අහද්දි නම් ඇත්තටම ජන්කුක් තුල නිදා සිටි Devil ආයෙත් ඇහැරුනා...ඇස් දෙක හීනි කරලා සෙලේනා දිහා බැලුව ජන්කුක් TV එක ඔෆ් කරලා සෙලේනා දිහාවට හැරුනා...

" තමුසේ මොකටද තේහියොන් ව හොයන්නේ??! "

" ඇයි?? ඒ මගේ යාලු ඔප්පා නේ...මං එයා ගැන හෙව්වා කියලා ඇයි ඔයා ඔච්චර කේන්ති ගන්නේ...??! හරියට නිකං මං ඔයාගේ Boyfriend ගැන කිව්වා වගේ නේ හැසිරෙන්නේ.."

" තමුන් ඕනවාට වඩා වැඩී..!! "

" පුහ්හ්!! යාලුවෙක් නේද!? ඇයි දන්නෙ නෑ ඔච්චර යාලුවාව පරිස්සම් කරන්නේ?? "

" සෙලේනා තමුසේ ආයේ තේහියුන් ඉන්න පැත්තවත් බලන්න හිතන්නවත් එපා..."

" ඇයි ඒ මොකෝ?!! මට ඕනිනම් මං බලනවා..."

සෙලේනා එහෙම කියන ගමන් උඩමහල දෙසට ඇස් යොමු කලා...ජන්කුක් සෙලේනා ගේ ඇමට අහු උනා කියලා සෙලේනා දැන ගත්තේ ජන්කුක් අතමිටමොලව ගෙන තරහින් වෙව්ලනවා දැක්ක නිසයි...අනේ ඉතින් මෝඩ ජන්කුක් නුත් සෙලේනාගේ කපටි උපායට ලස්සනට අහු උනා...

" අනේ මන්දා අප්පා?! ඔප්පා දවල් ඉදන්ම නෑනේ...ගිහින් බැලුවා නම් හරි..."

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now