𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 33

5.1K 597 172
                                    

.
.
.
.

ජනෙල් කවුළු අතරින් ගලාගෙන ආව හිරු එළිය සෘජුවම තේහියොන් ගේ මුහුණ මතට පතිත වෙද්දි ලාවට මෙන් මුහුණට දැනෙන උණුසුම නිසා තේහියොන් ගේ නිදි බර දෑස් හිමීට විවර උනා..නමුත් හැමදාම උදේට දැනුන ඩෙවිල් ගේ ඒ උණුහුම ලග නෑ කියලා ඔහුට තේරුම් ගියා..හිස් සිවිලිම වෙතට දෑස් යොමු කල තේහියොන්ට හුරුපුරුදු බවක් දැනුනත් ඔහු සිටින තැනේ නුපුරුදු බවක් ද දැනෙන්න ගත්තා..

ඒ දෑස් නැවත වරක් කදුලින් බර වෙද්දි තේහියොන් ඇස් කොනින් දුටුවා තමන් ඉදිරියේ කවුරු හරි ඉන්න බව අකුණක් ගැහුවා වගේ ඇදේ කෙලින් උන තේහියොන් ගේ දෑස් විසල් උනේ තමන් ඉදිරියේ සිටි පුද්ගලයන් දෙදෙනා ඔහූ මේ මොහොතේ බලාපොරොත්තු නොවූ නිසයි..

" බෙයා ! "

ඒ රෝස්..කදුළු පුරවගෙන තමන් දිහා බලාගෙන ඉන්න රෝස් වයි රෝස් ට එහා පැත්තේ තමන් දිහා බලාගෙන ඉන්න බෝගම් වයි දැක්ක තේහියොන්ට මේ සිද්ධ වෙන දේවල් හරියට තේරුම් ගන්න බැරි වුණා..

" න්-නූ-නා..."

තේහියොන් ගේ හඩ වෙව්ලනවා..රෝස් තේහියොන් ව වැළද ගත්තත් තේහියොන් නැවත ඇයව වැළද ගන්නවා වෙනුවට කලේ ඔහේ බලාගෙන හිටිය එක විතරයි..

" ඔයා හොදින් නේද පැටියෝ ?? "

රෝස් තේහියොන් ගේ කම්මුලක් පිරිමදිමින් අසද්දි තේහියොන් ගේ කදුළු පිරුණ දෑස් ඇය ගේ මුහුණ මතට යොමු උනා..

" එ-එයා ක්-කොහෙද ග්-ගියේ න්-නූනා ?? "

තේහියොන් අහන්නෙ කවුරු ගැනද කියලා රෝස් හොදටම දන්නවා..තේහියොන් ඇහුව ප්‍රශ්ණෙට රෝස් නිරුත්තර වුනා..අසරණ විදියට බෝගම් දිහා බැලුව රෝස් නැවත තේහියොන් දෙසට හැරුනා..තේහියොන් රෝස් දිහා එක එල්ලේ බලාගෙන හිටියේ ඇයගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙන්..

" එයා ම්-මාව ද්-දාලා ගියා ද ?? නෑනේ ද ?? එයා කොහෙද ඉන්නේ නූනා !! ඔයාලා නේද මාව බලෙන් අරන් ආවේ !? එයා කොහෙද ඇයි කතා කරන්නේ නැත්තේ ?? ම-ට කියන්න !! නූනා එයා ක්-කොහෙද ඉන්නේ ක්-කියන්න ඇයි මාව අරන් ආවේ මට එයා ලගට යන්න ඕන !! "

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now