" ම්හ් ~ "
හීන් කෙදිරියක් එක්ක ඇස් විවර කල තේහියොන් හෙමීට ඇස් පිල්ලම් ගහන ගමන් දෑස් ආලෝකයට හුරකරගන්න උත්සහ කලා.. ඒත් තවමත් ඔහු ඩුවට් එක අස්සේ ගුලිවෙලා..
" නැගිට්ට ද බොස් ? "
ඒ නෝක්කාඩු ස්වරයෙන් ඇහුන කටහඩත් එක්ක තේහියොන් හෙමීට උඩ බැලුවා..එතකොට තමයි ඔහු දැක්කේ එක අතක වැලමිට කොට්ටයට තියලා ඒ අතේ අත්ලට කම්මුලක් බර කරගෙන තමන් දිහා හිනාවෙවී බලාගෙන ඉන්න ආදරණීය ඩෙවිල් ව..
" ම්ම්... "
අහපු පැනයට මිමිණිල්ලකින් උත්තර දුන්න ඔහු ජන්කුක්ගේ නිරුවත් පපුවේ මූණ තියාගත්තා...
" දැන්වත් නැගිටින්න අදහසක් එහෙම නැද්ද ? දවල් එකත් පහුවෙලා... "
තමන්ගේ පපුවට තුරුළු වෙලා ඉන්න පුංචි කොල්ලගේ ඉනවටේ එක අතක් යවන ගමන් ජන්කුක් කතා කලා.
" මොකක් ! එච්චර වෙලා ? ඇයි අනේ මට කතා කලේ නැත්තේ ? "
" ඇයි දැන් තමුසේ උදේම නැගිටලා ප්‍රභාසංස්ලේෂණය කරන්නද ? "
ජන්කුක් සමච්චලයට කතා කරද්දි ඔහුට හුරතල් විදියට එරවු තේහියොන් ඇදේ කෙලින් වෙලා Headboard එකට පිට තියලා හේත්තු වුණා..ජන්කුක් ඔහුට ඒ වෙද්දිත් තමන්ගේ අළුපාට ලොකු හූදී එක්ක අන්දලා තිබුනා..
" ම්-මං කෝමද මේක ඇන්දේ ? "
ඇගේ තියෙන හූදී එක දිහා බලාගෙන තේහියොන් අහද්දි ජන්කුක් ඒවා නෑසුන ලෙස ඇදේ ඇලවෙලා තේහියොන්ගේ උකුලෙන් ඔලුව තියාගත්තා..
" මම ඔයාව වොශ් කරලා ඊට පස්සේ ඇන්දුවේ.. පුදුමයි බබා.. තමුසේ වතුර ගෑවෙද්දිවත් නැගිට්ටේ නෑනේ.. "
ජන්කුක් තේහියොන්ගේ බඩට මූණ තද කරගෙන කතා කරද්දි පුංචි තේ හිනාවුනා..
" ඔය කියන අයම තමයි ඕවට වග කියන්නත් ඕන..හුම්.. "
ජන්කුක්ගේ ඔලුව අතගාන ගමන් තේහියොන් තොලුත් උල් කරගෙන කියද්දි තේහියොන්ගේ බඩින් මූණ අයින් කරගත්ත ජන්කුක් ඒ රෝස පාට මූණ දිහා බලාගෙන හිටියා..
" අනේ මේ අහිංසක මාව නම් ඕවට අල්ලගන්න එපා මල්ලි බබා... "
" අහිංසක ? අහිසංකයි ඔයා නිදාගෙන ඉද්දි නම්..නැගිටලා ඉද්දි ඉතින් කරන තරමක් කරන්නේ දුස්ත වැඩ තමයි හුම්.. "
YOU ARE READING
ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓
Fanfiction" ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට මහපට ඇඟිල්ලෙන් පිසදැම්මේ නැවත Taehyung ගේ හිස් මුදුනින් ආදරණීය හාදුවක්ද තබමින්... " ආයේ කවුරු හරි bab...