𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 30

6.8K 711 373
                                    

~ After Two Days ~

තේහියොන් , ජින් දෙන්නාම හිටියේ අද හවස තියෙන ජීසූ ගේ වෙඩින් එකට යන්න ඇදුම් තෝරන ගමන්...
තේහියොන්ට ගැලපෙන ඇදුමක් තිබ්බේ නැති නිසා ජින් හැම තැනින්ම තේහියොන්ට ඇදුම් order කලා...
තේහියොන්ට තිබුණේ ඒවා ඇදලා බලන්න විතරයි...තේහියොන්ට ගැලපෙන ඇදුමක් තෝරන්න ඕන තමන්මයි කියලා ජන්කුක් කිව්ව නිසා තේහියොන් ක්ලොසට් එක ඇතුලට ගිහින් change කරන් එනකල් ජින් වගේම ජන්කුක් නුත් ඇද උඩින් වාඩි වෙලා තේහියොන් එනකල් බලන් හිටියා...

මද වේලාවක් ගත වෙද්දි තේහියොන් ක්ලොසට් එකෙන් එලියට ආවා... තේහියොන් ව දැකලා ජින්ගේ ඇස් දෙකත් උඩ ගියා...ඒත් ජන්කුක්ගේ......
ලැජ්ජාවෙන් බිම බලාගෙන ඉන්න තේහියොන් දිහාවට එක ඇහිබැමක් උස්සලා තියුණු බැල්මක් හෙලූ ජන්කුක් තේහියොන්ගේ උඩ ඉදන් පහලට මං දහ පාරකටත් වඩා නිරීක්ෂණය කලා..

" පැටියෝ ඔයා----"

ජින් යමක් කියන්න සැරසුනත් ඒක එහෙම්මම නැවුතුනේ ජන්කුක් මැදින් පැනපු නිසයි...

" Pant එක tight වැඩි වෙන එකක් අදිනවා...පොට්ටද ශර්ට් එක කොටයි කියලා පේන්නේ නැද්ද baby...?? "

ජන්කුක් තේහියොන් ට තරවටු කළා...ජින් විසල් උන දෑසින් ජන්කුක් දිහා බලාගෙන හිටියේ මෙච්චර ලස්සනටට පේන තේහියොන් ව වර්ණනා නොකර ජන්කුක් එකදිගටම බැනගෙන ගිය නිසයි...

" හ්-හරි..."

බිම බලාගෙනම ඔළුව වැනුව තේහියොන් නැවත ක්ලොසට් එක ඇතුලට ගියා...

" ඒක ලස්සනයි නේ කුක් !! "

ජින් කියද්දි ජන්කුක් නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා...තවත් විනාඩි කිහිපයක් ගත වෙද්දි තේහියොන් වෙනත් ඇදුමකින් සැරසිලා ක්ලොසට් එකෙන් එලියට ආවා...තේහියොන් මොන ඇදුම ඇන්දත් ලස්සනයි!!ඒත් කලින්ට වඩා ජන්කුක් ට මේ පාර තරහා ගියේ තේහියොන් ගේ බෙල්ල ඕනවටත් වඩා අනික් අයට පේන්න නිරාවරණය වී තිබූ නිසයි...

" අනේ පැට්ටෝ--"

ආයෙත් පාරක් ජන්කුක් ජින් ගේ කතාවට හරස් උනා....

" මගේ මැරුම් නොකා ඕක ගලවපන් baby !! Neck එක වැහෙන්න ශර්ට් එකේ buttons දානවා ආයේ කියන්නේ නෑ..."

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now