𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 34

4.9K 589 337
                                    

~Taehyung pov~

මාසයක් ගෙව්නා කූ ! ඔයා මාව මරලා දාලා ගියා නම් මීට වඩා හොදයි කියලා හිතෙනවා ! ඔයා හොදින් ද කූ..කොහෙද ඉන්නේ..මොනවද කරන්නේ..පරිස්සමින් ඉන්නවා නේද.. ඔයාගේ Baby ට ගොඩක් පාළුයි කූ ! ආයේ මාව බලන්න එනවද කියලාවත් කියන්න තිබුණා ඔයාට ?? ඒත් මං බලන් ඉන්නවා ඔයා කවදා හරි එනකල්..ඒක පාරක් ඔය කටහඩ අහන්න තිබුණත් මට ඇති කූ.. ආයෙත් ඔයා මට Baby කියලා කතා කරනවා අහන්න මං ගොඩක් ආසයි..හිත රිදුනත් කමක් නෑ මට ඔයා මට බනින්න හරි මං ලගට එනවා නම්..ආයෙත් එකපාරක් හරි ඔය පපුවට ගුලි වෙලා ඉන්න මට ආසයි..

" Good Morning තේ ! "

එකපාරටම ඩෙස් එක උඩින් බරට පොත් තියන සද්දයක් ඇහෙනවත් එක්ක මම ගැස්සිලා එහා පැත්ත බැලුවා..

" Good Morning Olivia ! "

හිනාවෙන්න බැරි නිසා මම බිම බලාගෙනම උත්තර දුන්නා..ඔයා නිසා මට හිනා වෙන එකත් වදයක් වෙලා..

" මොකද බන් Mood Upset ගහලා. කොච්චර කාලෙකින් ද යුනි ආවේ..ඒත් උඹ නිකම් ගෑණි මැරිච්ච මිනිහා වගේ මූණ එල්ලගෙන ! "

ඔලිවියා මගේ කරට අතක් දාගෙන කියද්දි මම එයා දිහා බලාගෙන යාන්තමට හිනාවෙලා ආයෙමත් බිම බලාගත්තා.

" එහෙම නෑ බන්..."

" හ්ම්ම්ම්... ඕන එකක් , මේ යමුද කැන්ටිම පැත්තේ ? අඩෝ ජෝන් අංකල් සුපිරි සැන්විච් වගයක් හදලා බන් දැක්කමත් කටට කෙල උනනවා. "

" අනේ මට බෑ බන්--- "

" මෙන්න මෙහෙ වරෙන් !! "

මම මුකුත් කියන්නත් කලින්ම ඔලිවියා මාවත් ඇදගෙන ලෙක්චර් හෝල් එකෙන් එලියට ආවා..කැන්ටිම පැත්තට යන ගමනුත් එයා ඒක එක දේවල් කියව කියව තනියම හිනාවෙන්න ගත්තත් මට ඒ කිසිම දෙයක් ඇහුනෙත් නෑ ඒ දේවල් වලට හිනාවෙන්න උවමනාවක් තිබුනෙත් නෑ..මාවත් ඇදගෙන ඔලිවියා වේගයෙන් ඇවිදගෙන ගියා..මට හිතුනෙම කොයි වෙලේ හරි කකුල් පැටලිලා මං වැටෙයි කියලයි..

~ Dug ~

" ආහ් ! "

එකපාරටම කෙනෙක් ඇවිත් මගේ ඇගේ වේගයෙන් හැප්පුන නිසා මට ඉබේම කෑ ගැහෙද්දි මම තදින් ඇස් වහගත්තා. ඒත් බිමට වැටුන හට දැනුනා මම කාගෙන හරි පපුවක් උඩට තමයි වැටුනේ කියලා..

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now