𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 51

3.8K 558 303
                                    

" B-baby ~ "

Machine ගොඩක් මැද වට වෙලා තිබුණ යහනේ සිහිසුන්ව වැතිරිලා හිටිය ජන්කුක්ගේ දෑස් කෙමින් කෙමින් විවර උනා..නුපුරුදු වට පිටාවට තම දෑස් හුරුකරගනිමින් ඔහු කෙඳිරි ගාන්න ගත්තේ තේහියොන් ගේ නමත් මුමුණන ගමන්..ජන්කුක් ට මතක් උනේ තේහියොන් එක්ක ඔහු අන්තිමට හිටිය තැන..ඒ ඔහු දැන් ඉන්න තැන නෙවෙයි කියලා අදුර ගන්න ජන්කුක්ට මහ වෙලාවක් ගියේ නෑ..උදරයෙන් දැනෙන අසීමිත වේදනාවටම පියවෙන්න යන විඩාබර දෑස් ඔහු සිටි රෝහල් කාමර පුරාම යැව්ව ජන්කුක්ගේ හිත කලබලෙන් ගැහෙන්න පටන් ගත්තේ තේහියොන් තියා තේහියොන් ගේ හෙවනැල්ලක්වත් තමන් ගේ ඉස්සරහ පේන්න හිටියේ නැති නිසයි..Oxygen Mask එක ගලවලා බිමට විසික් කරපු ජන්කුක් වේගයෙන් හුස්ම ගන්න තමන්ගේ අත දිහා බැලුවා..ජන්කුක්ගේ අතින් අල්ලගෙන ඒ අත උඩින් ඔලුව තියාගෙන නින්දත් නොනින්දත් අතර හිටිය සේහී ගැස්සිලා ගියේ ජන්කුක් ඇගේ අත තදින් අල්ලාගත්ත නිසයි..

" පුතා ~ "

සේහී ඔලුව උස්සලා කදුළු පිරුණු ඇස් වලින් ජන්කුක් දිහා බැලුවා..බිම වැටිලා තියෙන Oxygen Mask එක දිහාවට බැලමක් හෙළුව සේහී නොසන්සුන් බවකින් හුස්ම ගනිමින් යමක් කියන්නට යන ජන්කුක්ගේ උරහිස් වලින් අල්ල ගත්තා..

" B-baby කොහෙද ?? "

සේහී ගේ මූණේ ගැබ් වෙලා තියෙන හැගීම් හොදින්ම අදුර ගත්ත ජන්කුක්ගේ හිතට කවදාවත් දැනිලා නැති විදියේ බයක් දැනෙන්න ගත්තා..ඒත් ජන්කුක් බලාපොරොත්තු උනා සේහී කියනවා අහන්න 'තේහියොන් හොදින් එයාට කිසිම ප්‍රශ්නයක් නෑ' කියලා නමුත් ජන්කුක් ඇහුව ප්‍රශ්නේ එක්ක සේහී තවත් හයියෙන් ඉකි ගගහ අඩන්න ගත්තාම නොදැනිම ජන්කුක් ගේ ඇස් අගින් කදුළු බිංදු දෙකක් කඩන් වැටුණා.. 

" එ-එයාලා අපේ බ්-බෙයාව අරන් ගිහින් දැන් පැය පහකුත් ගෙව්නා ඒත්  තාම අපේ අයට එයාව හොයාගන්න බැරි උනා ජන්කුකී ~ "

රෝහල් කාමරේ සෝෆා එකකට වෙලා නිහඩවම මේ දිහා බලාගෙන හිටිය ජින් ඇස් වල කදුළු පුරෝගෙන වේදනාබර කට හඬකින් කියද්දි ජන්කුක් ගේ ඇග තරහින් වෙව්ලන්න ගත්තා..ඉකි ගගහ අඬන සේහී ජිනුයි දිහා බලාගෙන හිටිය ජන්කුක් තරහින් හුස්මක් පිට කරලා ඇදෙන් බහින්න හැදුවත්,

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now