___ At Jeon mansion___
ජන්කුක් තේහියොන් ව තමන්ගේ Mansion එකට බලෙන්ම අරන් ආවා... තේහියොන් තමන්ට යන්න දෙන්න කියලා ජන්කුක් ලග කොච්චර බැගෑපත් උනත් ජන්කුක් තේහියොන්ගේ ඒ කිසිම වචනෙකට ඇහුන්කන් දෙන්න මහන්සි උනේ නෑ...තමන්ගේ විසල් මන්දිරයේ ප්‍රධාන දොර ඉස්සර කාර් එක නැවැත්තුව ජන්කුක් තේහියොන්ව ව බලෙන්ම මැන්ෂන් එක ඇතුලට ඇදගෙන ඇවිත් තේහියොන්ව කිසිම ගානක් නැතුව සතෙක්ව විසි කරනවා වගේ තල්ලු කරලා දැම්මා...
ජන්කුක් එනකල් මග බලන් හිටිය Mrs.jeon ජන්කුක් ගේ කාර් එකේ සද්දේ ඇහුන ගමන් ඉක්මනින් තමන්ගේ සේවිකාව එක්ක පහලට ආවා..Mrs.jeon තේහියොන් ව නම් හීනෙකින්වත් බලාපොරොත්තු උනේ නෑ කියලා ඇයගේ මුහුණෙන්ම පෙනෙන්නට තිබුණා...
කේන්තියෙන් තමන් ඇදන් හිටිය කෝට් එක ගලවලා විසි කරපු ජන්කුක් ඉනට අත් දෙක තියෙගෙන තේහියොන් ඉදිරියේ එහාට මෙහාට ගමන් කරන්න ගත්තා...
" අනේ jungkook මට යන්න දෙන්නකෝ...ඉහි ඉහි ඉහි..."
තේහියොන් තවමත් අඩමින් කියන්නට උනා...
" අනේ jung-kook යන්න දෙන්නකෝ ප්-ලීස්...මට සමාවෙන්න කරපු වැරැද්දට....මට ගෙ-දර යන්න ඕ...න අනේ jungkook ප්ලීස් මට යන්න දෙ-න්න......"
ජන්කුක් තේහියොන් ව තඹ සතේකට ගනන් නොගෙන ඔහු ඉදිරියේ එහාට මෙහාට ගමන් කලා...
" පුතා!! "
අසරණ තේහියොන් ගේ කදුළු දිහා බලාගෙන ඉන්න බැරිම තැන සේහී ජන්කුක් අසලට ගොස් කතා කලා...
" ඇයි මේ....?? මේ ළමයට යන්න දෙන්න..."
" යන්න දෙන්න ඕනම් එක්කගෙන එන්නේ නෑනේ...."
ජන්කුක් සේහී දෙස බලා කට කොනින් සිනාවක් පාමින් කිව්වා...
" Jungkook !!! මේ ළමයට යන්න දෙන්න...මේ අසරණයා මොනා කලාටද ඔයා මෙහෙම මේ ළමයට සලකන්නේ...?? වැරැද්ද කරපු අයත් එක්ක තරහ ගන්න පුතා !! "
" ඉතින් මේකී වැරැද්ද කරපු නිසා තමයි මං මේකිව එක්කගෙන ආවේ !!! "
" ජන්කුක් !!!! "
" ඔම්මා !!!! "
පලවෙනි වතාවට ජන්කුක් සේහිට සැරෙන් කතා කලා...සේහි ගොඩක් පුදුම වෙලා ජන්කුක් දිහා බලාගෙන හිටියා...සේහි එකදිගටම තමන් දිහා බලන් ඉද්දි තමයි ජන්කුක්ට තමන් කරපු වැරුද්ද තේරුනේ...පලවෙනි වතාවට තමන් ඔම්මාට සැර උනා කියලා ජන්කුක්ට මතක් අනේ ඒ වෙලාවෙයි...
YOU ARE READING
ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓
Fanfiction" ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට මහපට ඇඟිල්ලෙන් පිසදැම්මේ නැවත Taehyung ගේ හිස් මුදුනින් ආදරණීය හාදුවක්ද තබමින්... " ආයේ කවුරු හරි bab...