Nihinsa's pov,
"අඩෝ.. ගොටුකොළ ගෙම්බෝ.. නැගිටපා...න්. ඔන්න උඹේ පුකට ඉර එළියත් වැටිලා."
හීනෙන් සල්ලිකාර කෙල්ලෙක්ව අමාරුවෙන් දැලේ දාගෙන මාව බඳිනවද අහන්න මුද්දත් තියාගෙන මම දණ ගහද්දිම මගෙ පශ්චාත් භාගෙට වැදුණු හෙණ ගහන පාරක් එක්ක ඇඳෙන් බිමට වැටුනෙ මම උදේ පාන්දරම මගෙ අතිජාත මිත්‍රයා උන ශෙනාල්ට ජාතික භාෂාවෙන් අමතන ගමන්.
"අනේ හු#*@ පුතෝ.."
"නැගිටපන් යකෝ. අදත් බස් එක අල්ලගන්න බැරි උනොත් මම උඹගෙ බත් එකේ බිත්තර ගෙඩිය කනවා."
තාමත් පෙරවගෙන හිටිය රෙද්ද පිටින් නිදිමතේ බිම වැටිලා ඉන්න මට පයින් ගහන ගමන් ඌ කියවද්දි මම නැගිටලා බාත්රූම් එකට දිව්වෙ අදත් බස් එක අල්ලගන්න බැරි උනොත් දවසෙම ශෙනාල්ගෙ අඬ ඇඬියාව අහගෙන ඉන්න වෙන නිසා. නැතුව බිත්තර ගෙඩිය ආරක්ෂා කරගන්න ඕනකමකට නෙවෙයි. කොහොමත් මගෙ බත් එකේ තියෙන බිත්තර ගෙඩිය කන්නෙ ඌ තමයි. පෙරේතයා.
(නිහින්ස මිහේන්)
ටක් ගාලා කණ්ණාඩිය ඉස්සරහට ගිය මම දත් ටික මැදගත්තෙ අරූ එහෙන් කෑ ගගහ බාත්රූම් එකේ දොරට ගහද්දි.
" මොකද බල්ලො. හිටපන්. මම වේග බට්ටා කියලා හිතුවද?"
" උඹ වේග බට්ටා නෙවෙයි වේ&*# බට්ටා උනත් මට කමක් නෑ.. බස් එක ගියොත් උඹගෙ බට්ටා තමයි නැති වෙන්නෙ."
දැක්කනෙ. දැක්කනෙ. කොහෙවත් යන චීත්ත කෑල්ලක් හින්දා මේ එක බත් පත කාගෙන එක බුරුසුවෙන් දත් මදින අතිජාත මිත්‍රයාගෙ බට්ටාව නැති කරන්න කතාව. මූත් එක්ක ඉන්නවට මගෙ පුකට ගහන්න ඕනෙ. වෙලාවට ලෙක්චර්ස් වලට යන්න නම් මූ බස් එක අල්ලගන්න බැරි වෙයි කියලා කෑ ගහයිද? උදේ පාන්දර ක්‍රශ් එක බලාගන්න බැරි වෙයි කියලානෙ මුගෙ සද්දෙ මෙච්චර. අනේ ඉතින් අමු බයිසන් ගවයා.
YOU ARE READING
-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
Fanfiction𝗔𝗙𝗧𝗘𝗥 𝗧𝗛𝗘 𝗦𝗧𝗢𝗥𝗠 𝗦𝗘𝗔𝗦𝗢𝗡 𝟬𝟮 අවාරෙක මැලවුණු හදට නුඹ තෙමන පොද වැස්සක් වැනී... අහම්බෙක නෙත් ගැටී උන් නුඹ මට වසන්තෙක සිහිනෙකී... #1 - Zhan (02.12.2023) #1 - sl (06.01.2024) #1 - bl (24.01.2024) #1 - sinhala (24.01.2024) #1 - සිංහල (2...