අසූ නමවන දිගහැරුම

4.4K 497 261
                                    

සතියක් අපි දෙන්නා අපාර්ට්මන්ට් එකේ ඉඳලා මම ආපහු ශෙනාලයගෙ ගෙදර ආවෙ දැන් එහෙ ඇවිල්ලා මාසෙකටත් කිට්ටු වෙන්න එද්දි. අක්කට අමාරු වෙලා හොස්පිට්ල් නවත්තලා නිසා ශෙනාලයයි මමයි ඉන්නෙ බලන්න යන්න ලෑස්ති වෙන ගමන්. ශෙනාල් ලෑස්ති වෙනකන් ගාර්ඩ්න් එකේ බෙන්ච් එකෙන් වාඩි උන මම අභීන්ට කෝල් එකක් ගත්තෙ දෙපාරක්වත් රින්ග්ස් යන්න නොතියා එයා ආන්සර් කරද්දි.

" කියන්න මිහී."

" වැඩක්ද?"

එයා එක්ක කතා කරන්න කලින් පුරුද්දක් වගේ මම අදත් ඒකම ඇහුවෙ අභීන් උත්තර දෙද්දි.

" කියන්නකො."

එයා ඉතින් එහෙම තමයි. මොන තරම් ලොකු වැඩක හිටියත් අනිවාරෙන්ම මම කතා කරන්නෙ කොයි වෙලාවෙද මාත් එක්ක කතා කරන්න වෙලාව වෙන් කරනවා.

" මමයි ශෙනාලුයි හොස්පිට්ල් එකට යන්න ලෑස්ති වෙන ගමන්. ඔයා එන්නෙ නෑනෙ."

" දැන්ම නම් බැරුවෙයි බබා. එන වෙලාවට කෝල් එකක් දෙන්නකො. මන් ගන්න එන්නම් පුළුවන් උනොත්."

" හුම්ම්."

එයා කියද්දි මම හූමිටි තිබ්බෙ තොලත් නොපිට පෙරළගෙන.

" මොකද ම්ම්ම්."

එයා අහද්දි මම මෙච්චර වෙලාම අහස පොළොව ගැටලන්න කල්පනා කර කර හිටිය මට මේ දවස් වල තියෙන එකම සහ ලොකුම ප්‍රශ්නෙ 102356 පාරටත් එයාගෙන් ඇහුවෙ ෆුල් සීරියස් එකේ.

" මේහ්. ඔයාට හිතෙන්නෙ අක්කගෙ පොඩි එකා අක්කා වගේ වෙයිද අර පුස් මූණා වගේ වෙයිද?"

" ෆෝන් එක තියපන් මගෙන් ගුටි නොකා."

මම අහපු ප්‍රශ්නෙට අභීන් එහා පැත්තෙන් කෑ ගහද්දි මම කෝල් එක කට් කරේ මූණත් ඇද කරගෙන.

ම්හ්ක්. මෝඩ පෙම්වතා. වරෙන්කො මඥෙ මිහී ගාගෙන. දෙන්නෙ හොම්බ රිවට් වෙන්න. දන්නෑ මගෙ හැටි.

අභීන්ගෙන් බැනුම් අහපු මම ඊළඟට ශෙනාලයට කෑ ගැහුවෙ ඌ තාමත් එළියට ආවෙ නැති නිසා.

" උඹ ඕක අස්සෙ මල්වර වෙලාද බේසිකයො. පොඩි එකාගෙ අවුරුදු පහේ උපන්දිනේටවත් යන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ. ශෙනාආආආල්!"

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now