අක්කව එක පාරකට බලන්න පුළුවන් එක්කෙනාට නිසා මම ඉස්සෙල්ලම චූටිව ඇතුළට යැව්වෙ මම එළියෙන් වාඩි වෙලා ඉද්දි. වාඩි වෙලා හිටිය මගෙ ෆෝන් එක රින්ග් වෙනවා ඇහෙද්දි මම ෆෝන් එක සාක්කුවෙන් අතට ගත්තෙ කවුද කියලා බලන්න.
" අභීන්."
ඩිස්ප්ලේ එකේ තිබුණු නම දැකලා මම තොල් වලින් මුමුණන ගමන් කෝල් එක ආන්සර් කරන්න හැදුවෙ තවත් කෝල් මග ඇරියොත් අභීන් සැක හිතන නිසා.
" මිහී.."
මම කතා කරන්නත් කලින් කලබලෙන් වගේ අභීන්ගෙ කටහඬ එහා පැත්තෙන් ඇහෙද්දි මම යටිතොල හපාගත්තෙ මගෙන් ප්‍රතිචාරයක් නැති තැන අභීන් ආපහු කතා කරද්දි.
" මිහී ඇහෙනවද?"
" කියන්න."
මම කියද්දි අභීන් කියවගෙන ගියේ කාලයක් කතා නොකර හිටිය ගානට.
" හදිසියේම ගමේ ගියේ ඇයි? මාත් ඊයෙ ආවෙ. ඔයාට ආව ගමන් කෝල් කරත් ආන්සර් කරේ නෑ."
" මන් නංගිගෙ වැඩකට ආවෙ අභීන්. මෙහෙට සිග්නල් නෑ."
හිතට එකඟ නොවුනත් මම බොරුවක් කිව්වෙ අභීන් ආපහු කතා කරද්දි.
" කවදද එන්නෙ?"
අභීන් අනිත් පැත්තට අහද්දි මම උත්තර දුන්නෙ නංගි මගෙ පැත්තට එනවා පෙනෙද්දි.
" හරියටම කියන්න බෑ අභීන්. සතියක් විතර යයි. මන් තියනවා. වැඩක ඉන්නෙ."
" මි-"
අභීන් කතා කරනවා ඇහි ඇහිම මම කෝල් එක කට් කරලා දැම්මෙ හිස් හැඟීමෙන් ෆෝන් එක දිහා බලාගෙන. අනිත් අතට අභීන්ගෙන් මැසේජ් එකක් ආවෙ මම ඒක දැක්කත් නොදැක්කා වගේ ඉද්දි.
Free welawaka msg ekk danawada?
ඒ මැසේජ් එකේ තිබුණෙ ඒ විදිහට වෙනකොට නංගි මගෙ ළඟට ආවෙ කතා කරන ගමන්.
" මද්දු ඩොක්ටර් කතා කරනවා ඔයාට."
චූටි කියද්දි මම ඒ පැත්තට ගියේ ඩොක්ටර්ව හම්බවෙන්න.
ඩොක්ටර් එක්ක කතා කරපු මම අක්කවත් බලලා ගෙදර ආවෙ අක්කා ටික ටික හොඳ අතට හැරෙන නිසා අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් කියලා ඩොක්ටර් කියද්දි. හිතේ සතුටින් නංගියි මමයි ගෙදර ආවෙ වෙනදට වඩා පොසිටිව් පැත්තට ඩොක්ටර්ලා කතා කරපු නිසා.
YOU ARE READING
-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
Fanfic𝗔𝗙𝗧𝗘𝗥 𝗧𝗛𝗘 𝗦𝗧𝗢𝗥𝗠 𝗦𝗘𝗔𝗦𝗢𝗡 𝟬𝟮 අවාරෙක මැලවුණු හදට නුඹ තෙමන පොද වැස්සක් වැනී... අහම්බෙක නෙත් ගැටී උන් නුඹ මට වසන්තෙක සිහිනෙකී... #1 - Zhan (02.12.2023) #1 - sl (06.01.2024) #1 - bl (24.01.2024) #1 - sinhala (24.01.2024) #1 - සිංහල (2...