එයා යන දිහා බලාගෙන හිටිය මට නැගිටින්න බැරි තරම් කකුල් වලට පණ නැති වෙද්දි මම අමාරුවෙන් තාප්පෙට අත තියාගත්තෙ කකුල් වලට වාරු අරන් නැගිටින ගමන්. ඉස්සරහට අඩිය තියන්න බැරි තරම් පපුවෙන් එන වේදනාව ටිකෙන් ටික වැඩි උනේ දරා ගන්නම බැරි තැන මගෙ සිහිය පවා ඈතට යනවා දැනෙද්දි. පපුවෙ වම් පැත්ත එක අතකින් මිරිකගෙන මම අනිත් අතින් තාප්පෙට වාරු උනේ වේගෙන් එක ළඟ හුස්ම ගන්න ගමන්. නහයෙන් ගන්න හුස්ම පපුව පුරවන්නවත් මදි වෙද්දි මම කටින් හුස්ම ගත්තෙ තාප්පෙට මූණ හේත්තු කරගෙන.
" අභී..න්. ම්..හ්."
ඉකි ගහලා අඬන්න ඕන උනත් පපුවෙන් එන වේදනාව එක්ක කෙඳිරියක් පිට වෙද්දි එක පිට එක කඳුළු පේළි කම්මුල් දිගේ ගැලුවෙ මම පපුව තදින් අතගාන ගමන් තාප්පෙට පිට හේත්තු කරගනිද්දි.
මන් දැන්මම මැරෙයිද මන්දා අභී. උඹ යන දවසට කලින් පපුව නවතියිද කියලා මට බයයි මගෙ අභී. දවස් තුනවත් දරාගන්න බැරි වෙයි කියලා මට බයයි රත්තරන්.
හිතින් කෑ ගහහ විනාඩි පහළොවක් විතරම තාප්පෙට හේත්තු වෙලා හිටිය මම හිමින් පපුවෙන් එන වේදනාව අඩු වෙද්දි කකුල් වලට වාරු අරන් ගේ ඇතුළට ඇවිදගෙන ආවෙ බිත්ති වලට වාරු වෙවී. වේදනාව කොයි තරම්ද කියනවා නම් සිහිය පවා නැතිවෙන්න යද්දි නළල වගේම පිට දාඩියෙන් තෙත් වෙලා තිබුණා. ශෙනාල් කාමරේ පේන්න නැති වෙද්දි මම හිමින් ඇඳේ හාන්සි උනේ ගුලි වෙලා එක අතකින් ඇදුම්කන පපුව අතගාගන්න ගමන්.
මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවද අභීන්. අක්කා, චූටි, තාත්තා වෙනුවෙන් ජීවත් වෙන්නද. නැත්තන් ඔයාව මෙච්චර රිද්දන මන් වෙනුවෙන් මම ජීවත් වෙන්නද අභී. චූටිට දැන් මාව ඕනෙ නෑ. එයා ලොකුයි. තාත්තව අක්කා බලාගනියි. අක්කට දැන් එයා ගැන බලාගන්න පුළුවන්නෙ. ඉතින් මන් මොකටද. ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නැති මිනිස්සු දෙපාරකට මැරෙනවා මගෙ අභීන්. එකක් බලාපොරොත්තුව නැති උනු වෙලාවෙ ආත්මෙන්. අනිත් එක ඇත්තටම. උඹ මාව දාලා ගිය තැන මම පළවෙනි වතාවට මැරුණ මගෙ සුදු මහත්තයා.
" නිහින්සයා. අභීන් අයියා ආවා නේ- නිහින්ස. මොකද ඔය පපුව අල්ලගෙන."
YOU ARE READING
-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
Fanfiction𝗔𝗙𝗧𝗘𝗥 𝗧𝗛𝗘 𝗦𝗧𝗢𝗥𝗠 𝗦𝗘𝗔𝗦𝗢𝗡 𝟬𝟮 අවාරෙක මැලවුණු හදට නුඹ තෙමන පොද වැස්සක් වැනී... අහම්බෙක නෙත් ගැටී උන් නුඹ මට වසන්තෙක සිහිනෙකී... #1 - Zhan (02.12.2023) #1 - sl (06.01.2024) #1 - bl (24.01.2024) #1 - sinhala (24.01.2024) #1 - සිංහල (2...