අනූ දෙවන දිගහැරුම

5K 477 160
                                    

ඇඟට දැනෙන අමුතු සීතලක් වගේම උණුසුම් පහසක් එක්ක මම හිමින් ඇස් ඇරියෙ කාමරේ ඇතුළට වැටිලා තියෙන ඉර එළියෙන් මුළු කාමරේම එළිය වැටිලා තියෙද්දි. දැනටමත් මගෙ ඇඟෙන් බාගයක්ම අභීන්ගෙ ඇඟ උඩ තියෙද්දි අත් දෙකෙන්ම මාව තුරුළු කරගෙන ඉන්න එයාට සනීපෙට නින්ද ගිහිල්ලා තිබුණා.

මම හිමින් එයාගෙන් අයින් වෙන්න හැදුවත් ඊයෙ රෑ නටපු දහඅට සන්නිය හින්දා දහ දෙනෙක්ගෙන් ගුටි කාලා වගේ දැනෙද්දි මගෙ පුපට බඩු හරි කියලා මට ඉවෙන් වගේ තේරුණා.

හත් දෙයියනේ මොළේවත් ඉතුරුවෙලා තියෙනවද දන්නෙ නෑ. ඇයි අනේ ඔළුව කී පාරක් නම් ඇඳේ හෙඩ්බෝඩ් එකේ වැදුනද. ඉස්සරහට යනවා.. ආයි පස්සට එද්දි හෙඩ්බෝඩ් එකේ ඔළුව වදිනවා. කොහෙත ඉතින් අනිනවා මිසක් ඔළුවට කොට්ටයක්වත් තියන්න අපේ මිනියට සිහියක් නැති උනානෙ. ම්හුක්.

මන් දැනගත්තා සුවාමියා.. උබර්ට මගේ පුපෙන් මිසක් ඔළුවෙන් නම් වැඩක් නෑ කියලා.

මම එයාගෙ ඇඟ උඩ ඉඳගෙනම ඔළුවත් අතගාන ගමන් කල්පනා කරේ ඊළඟට අභීන් දිහාත් බලන ගමන්.

නිදාගෙන ඉන්න ලස්සන විතරක් මගෙ පුප පලලා. හෙලවෙන්නවත් බෑ රිදෙනවා. නීල කොබෙයි සැමියා.

මගෙ හස්බන්ඩ් වෙලා දවසක් විතරක් වෙන අභීන්ට බැන බැනම මම එයා දිහා දිහා බලාගෙන හිටියෙ හිනාවක් මූණෙ තියාගෙන ඒ කම්මුලක ඇඟිල්ලෙන් රටා අඳින ගමන්.

ලස්සන විතරක් මගෙ මනුස්පයගෙ.

මගෙ ස්පර්ශයන් වලට එයා ඇස් අරිනවා දැනෙද්දි මම ටක් ගාලා ඇස් දෙක පියාගත්තෙ ඊයෙ රෑ නටපු නාඩගම් හින්දා  මූණ බලන්න බැරි ලැජ්ජාවක් ලෝඩ් වෙද්දි.

ඇයි අනේ ලැජ්ජ නැතුව මූණ බලන්න පුළුවන්ද. ම්හුක්.

" ඇස් දෙක ඇරපන්. මන් දන්නවා උඹ නැගිටලා කියලා."

යෝහ්. කෑවනෙ. කෑවනෙ. මගෙ අති විසාල රංගනය කෑවා.

අභීන් හිමින් මාව ඇඳෙන් තියලා පැත්තට හැරෙන ගමන් කියද්දි මම බෙඩ්ශීට් එක ඔළුවෙ ඉඳන් පෙරවගත්තත් ඊළඟ තත්පරේ ආපහු බෙඩ්ශීට් එකෙන් ඔළුව එළියට ගත්තෙ බෙඩ්ශීට් එක අස්සෙන් දැක්ක කාලතුවක්කුව හින්දා.

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now