පනස් හත්වන දිගහැරුම (BONUS)

3.9K 523 152
                                    

ශෙනාල්ගෙ වචන එක්ක මගෙ මතකෙ ඇදිලා ගියේ එදා ශෙනාල් මන් ඉස්සරහ ඒ දෙන්නගෙ කතාව කිව්ව දවසට.

Flashback

ශෙනාල් මගෙ උරහිස උඩ ඔළුව තියාගෙන හිටියෙ කතාව පටන් ගන්නකන් මම බලන් ඉද්දි.

" අපෙ අම්මගෙ හොඳම යාළුවා. සන්ද්‍යා ආන්ටි. එයාගෙ පුතා නෙහාන්. මට වඩා අවුරුද්දක් වැඩිමල්. ඉතින් අපි එකම වයසෙ වගේ. මන් දන්නෑ නිහින්ස මම ඒ කාලෙ ඉඳන්ම පුදුම විදිහට නෙහාන්ට බැඳිලා හිටියෙ. එකම මොන්ටිසෝරියට එතනින් පස්සෙ එකම ඉස්කෝලෙට. මම හැම වෙලාවෙම හිටියෙ ඒ අතේ එල්ලිලා. වීකේන්ඩ් වලට හැමදාම සන්ද්‍යා ආන්ටි නෙහාන් එක්ක අපේ ගෙදර එනවා. එකම වයසෙ වගේ නිසා මම හරි ආසයි නෙහාන්ට ළං වෙන්න. තුන වසරෙදි තාත්තා මට ලොකු ඩෝසරයක් ගෙනත් දුන්නා. එදා නෙහාන් එනකන් මම ඇඟිලි ගැන ගැන හිටියෙ ඩෝසරේ පෙන්නන්න. ආව ගමන් මම නෙහාන්ට ඩෝසරේ පෙන්නලා ඒකෙන් නෙහාන් එක්ක සෙල්ලම් කරා. මෝඩයා අන්තිමට ඒකෙ රෝදයක් කඩලා ගෙදර ගියේ."

අන්තිම ටික කියද්දි ශෙනාල්ගෙ කඳුළු වලින්ම පෙඟිලා තියෙන මගෙ උරහිස උඩ ශෙනාල් හිනාවෙනවා දැනුනත් මට හිනාවෙන්න බැරි උනා.

මම කොහොම හිනාවෙන්නද? ශෙනාල් පොඩි ළමයෙක් වගේ කියවන්නෙ තාමත් ආදරේ කරන මතක වලට වෙනකොට.

" මම දන්නෑ නෙහාන්ගෙ හොඳම යාළුවා කවුද කියන්න. හැබැයි පහ වසර වෙනකන්ම මගෙ හොඳම යාළුවා එයා. අන්තිමට පහ වසරෙදි නෙහාන්ගෙ තාත්තගෙ බිස්නස් වැඩ නිසා එයාලා පවුල පිටින්ම මෙහෙන් ඉන්ග්ලන්ඩ් ගියා. මම ඒ කාලෙ දන්න දෙයක් නෑ නිහින්ස. දන්න එකම දේ නෙහාන් ප්ලේන් එකක නැගලා මාව දාලා ගියා කියලා විතරයි."

ශෙනාල්ගෙ කඳුළු කොයි තරම්ද කියනවා නම් මගෙ උරහිස තෙත් වෙලා ටී ෂර්ට් එකටත් දරාගන්න බැරි කඳුළු මගෙ උරහිසේ ඉඳන් පහළට ගලාගෙන යන ගමන් තිබුණා.

" පොඩි උනත් මට ඒක ගොඩාක් බලපෑවා නිහින්ස. ළඟින්ම හිටිය යාළුවා තරහා වෙලා වෙන කෙනෙක්ව යාළුවෙක් කරගනිද්දි පොඩි හිත රිදෙන්නෙ කොහොමද මටත් ඒ විදිහටම රිදුනා. මම ඇස් රතුවෙනකන් නෙහාන් අද එයි අද එයි කියලා බලාගෙන හිටියා. අන්තිමට කාලෙ ගෙවෙද්දි හැම දේම අමතක වෙලා මම සාමාන්‍ය විදිහට ජීවත් උනා. ඒ එකොළහ වසර වෙනකන් විතරයි."

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now