විසි තුන්වන දිගහැරුම (BONUS)

4.9K 594 82
                                    

අද නිවාඩු හින්දා මම වගේම ශෙනාලුත් හිටියෙ ගෙදර පාඩම් කරන ගමන්. මිදුලෙ වාහනයක් නවත්තනවා ඇහෙද්දි ශෙනාලයා දුවගෙන ගිහින් කාමරේ උළුවස්සෙන් ඔළුව දැම්මෙ සූ එකේ දැලේ එල්ලිලා ඉන්න චිම්පන්සියෙක් වගේ.

ඒ එක්කම විනාඩි ගානකින් ශෙනාල් ආපහු ආවෙ මූණත් කුණ්ඩහට්ටියක් කරගෙන.

" අන්න අරකා ඇවිල්ලා. එන්න කියනකන්ද කොහෙද බලන් ඉඳලා තියෙන්නෙ."

නෙහාන් අයියගෙ වගේම ශෙනාල්ගෙ අම්මගෙ කටහඬ පහළින් ඇහුනෙ ශෙනයා කුණු වෙච්ච වැල ගෙඩියක් වගේ මූණෙන් ආපහු ඇවිත් වාඩි වෙද්දි.

" ඉතින් උඹට ප්‍රශ්නයක් නෑනෙ. උඹ කාමරේට වෙලා ඉඳපන්. පේන්න ගියාමනෙ කා ගන්න හිතෙන්නෙ."

මම කියද්දි ශෙනාලයා මට කුණුහරුපයක් පෙන්නලා ආපහු පොතට මූණ ඔබාගත්තෙ මේසෙ උඩ තිබුණු මගෙ ෆෝන් එක වයිබ්‍රේට් වෙද්දි.

" Gedara neweida innne."

මැසේජ් එකක්. අභීන්ගෙන්.

" Gedara thamai."

"Ehenm pahalata enawa."

අනිත් අතට අභීන්ගෙන් මැසේජ් එකක් එද්දි නෙහාන් අයියත් එක්ක මේකත් ඇවිත් බව මම දැන ගත්තා.

" අභීනුත් ඇවිල්ලද බන්?"

මට එහා පැත්තෙ ඉන්න ශෙනාල්ගෙන් මම ඇහුවෙ ඌ නෑ කියන්න ඔළුව වනද්දි.

" ඇවිල්ලද දන්නෙ නෑ. අරකව විතරයි මම දැක්කෙ."

ශෙනාල් කියද්දි මම කාමරෙන් එළියට ආවෙ ෆෝන් එකත් අතේ තියාගෙන.

නෙහාන් අයියා වගේම අභීන් එක්ක ශෙනාල්ගෙ අම්මා කතා කර කර ඉන්නෙ මාව දැක්ක අභීන් ඇස් වලින් එළියට යන්න කතා කරද්දි.

නෙහාන් අයියා ශෙනාල්ගෙ අම්මායි තාත්තයි එක්ක කතා කර කර ඉද්දි මම අභීන් එක්ක එළියට ආවා.

" අද හොටෙල් එකට ගියෙ නැද්ද්?"

එළියෙ තියෙන බෙන්ච් එකකින් අභීන් වාඩි වෙද්දි මම ඇහුවෙ මේ වෙලාවට සාමාන්‍යයෙන් එයා ඉන්නෙ හොටෙල් එකේ නිසා.

" උදේ ගියා. තමුසෙගෙ යාළුවා නෙහාන්ට ගැහුවොත් කියලා ඌත් එක්ක ආවෙ."

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now