" මොකාද ඌ?"
අභීන් තාමත් මගෙ අත් ගොබේකින් අල්ලගෙන මූණට එබිලා ඉද්දි මම ඒ රතු වෙලා තියෙන ඇස් දිහා බලාගෙන හිටියෙ මොකුත් හිතා ගන්න බැරුව.
ඌ මොකා උනත් මේකට මොකද. මොන නාඩගමක් නටන්න හදනවද මන්දා.
" මොකටද ඌත් එක්ක ආවෙ."
" ඇයි දැන් මන් යන්න එන්නත් තමුන්ගෙන් අවසර ගන්න ඕනද. මම වැඩ කරන්නෙ ඔයාලගෙ තැන වෙන්න ඇති. හැබැයි මම යන්නෙ එන්නෙ කාත් එක්කද කියන එක ගැන ඔයාට වැඩක් තියෙනවා කියලා මම හිතන්නෑ."
මම ඒ මූණටම කෑ ගහලා අත ගසලා දැම්මෙ නැට්ට පාගගෙන ඉන්න නීල කොබෙයියව මග අරින ගමන්.
" ඇත්තද? මගෙ නම්බර් එක බ්ලොක් කරලා නම් තියෙන්නෙ වහාම අයින් කරනවා."
යන්න ගිය මාව ආපහු අත් ගොබෙන් අල්ලලා ඇදලා ගන්න ගමන් අභීන් කියද්දි මට මරුවා ආවේස වෙන්න ආවෙ අභීන් ඕනාවට වඩා වැඩි නිසා.
" ඒක මගේ ෆෝන් එකනෙ. මට ඕන නම්බර්ස් මන් බ්ලොක් කරනවා. ඕනෙ නම් ඩිලීට් කරලම දානවා. ඇයි ප්‍රශ්න්.."
මට ඉතුරු ටික කියාගන්න බැරි උනේ මගෙ කට දෙපැත්තෙන් අල්ලපු අභීන් දත්මිටි කාගෙන මගෙ මූණට එබෙද්දි.
" කටේ සද්දෙ අඩු කර ගනින්. උඹ බ්ලොක් කරපු නම්බර් එක උඹම අන්බ්ලොක් කරේ නැත්තන් මම අභීන් නෙවෙයි."
මාව තල්ලු කරලා දැම්ම අභීන් කාගෙන පාර්කින් එක පැත්තට යනවා පෙනෙද්දි මම හොටෙල් එක ඇතුළට ආවෙ හිතින් බනින ගමන්.
අනේ එයා මහ ඒජන්තනෙ. නම්බර් එක තියන් ඉන්න. කොයි වෙලාවෙත් මම අභීන් ලියේල් වීරවංශ නෙවෙයි යැයි යැයි තමයි. නම්බර් එක අන්බ්ලොක් කරොත් මාත් නිහින්ස මිහේන් නෙවෙයි. හැයි යකෝ. ඌරු නාම්බා. නීල කොබෙයි තොරොම්බලයා. මන් නම් බය වෙයි.
හොටෙල් එක ඇතුළට ආව මම ඇඳුමත් මාරු කරගෙන ලැහැස්ති වෙද්දි සාක්කුවෙ තිබුණු ෆෝන් එක රින්ග්ස් යන්න ගත්තෙ මම ෆෝන් එක අතට ගනිද්දි.
ගෙදරින්. නංගි ගන්නෙ. අක්කා වැඩට ගිහින් ඇති.
" හෙලෝ කියන්න."
YOU ARE READING
-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
Fanfiction𝗔𝗙𝗧𝗘𝗥 𝗧𝗛𝗘 𝗦𝗧𝗢𝗥𝗠 𝗦𝗘𝗔𝗦𝗢𝗡 𝟬𝟮 අවාරෙක මැලවුණු හදට නුඹ තෙමන පොද වැස්සක් වැනී... අහම්බෙක නෙත් ගැටී උන් නුඹ මට වසන්තෙක සිහිනෙකී... #1 - Zhan (02.12.2023) #1 - sl (06.01.2024) #1 - bl (24.01.2024) #1 - sinhala (24.01.2024) #1 - සිංහල (2...