දෙවන දිගහැරුම

7.1K 654 124
                                    

කන ළඟින් ඇහුන රළු කටහඬක් එක්ක මගෙ වැලමිට ළඟින් මාව ඇදිලා ගියේ මට එක පාරට මොකුත්ම හිතා ගන්න බැරි වෙද්දි.

කවුද යකෝ මේ හැන්ඩ්සම් පොර.

ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගෙන හිටිය ඒ කෙනාගෙ ඇස් විතරක් දැක්ක මම මුළු ඇඟම ස්කෑන් කරද්දි මගෙ වැලමිටෙන් අල්ලන් හිටිය ඒ මනුස්සයා අත ගසලා දැම්මෙ තව පොඩ්ඩෙන් මාව හොම්බෙන් යද්දි.

ඒ එක්කම දාගෙන හිටිය ෆුල් ෆේස් හෙල්මට් එක ගැලෙව්ව එයා දත්මිටි කාගෙන ආපහු මගෙ වැලමිටෙන් ඇදලා ගත්තෙ මාව ඒ පපුවෙ ගිහින් වදිද්දි.

ඒ එක්කම දාගෙන හිටිය ෆුල් ෆේස් හෙල්මට් එක ගැලෙව්ව එයා දත්මිටි කාගෙන ආපහු මගෙ වැලමිටෙන් ඇදලා ගත්තෙ මාව ඒ පපුවෙ ගිහින් වදිද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(අභීන් ලියේල්)

මේ මොන නීල කොබෙයියෙක්ද?

" පාරෙ යනවා නම් ඒ විදිහට පලයන්. අපිව අමාරුවෙ දාන්න හදන්නැතුව."

කොණ්ඩෙත් නිල් පාට කරගෙන එහෙන් මෙහෙන් යකඩ කෑලි එල්ලගෙන හිටිය පොර මගෙ මූණටම කෑ ගහද්දි මම කට අරින්න හැදුවෙ හොඳ දෙකක් කියලා දෙන්න හිතාගෙන.

" අනේ අයියෙ යමුකො. රණ්ඩු කරගන්න එපා."

ඒ එක්කම පොඩි කෙල්ලෙක් ඇවිත් එයාගෙ අතේ එල්ලෙද්දි කට අරින්න හදපු මම ආපහු කට වහගත්තෙ ඒ කෙල්ල කතා කරන්න ගත්ත නිසා.

පුහ්ඃ සුදාම්මිට පේන්න වෙන්නැති මට සද්දෙ දාන්නෙ. මන් නම් දැක්ක ගමන් දැන ගත්තා කාගෙ හරි සුදාත්තියෙක් වෙන්න ඇති කියලා. නිකන් යකඩ බඩු කඩයක් වගේ. කන් දෙකේම යකඩ කෑලි එල්ලගෙන ඒ මදිවට බෙල්ලෙයි අතෙයි හැම තැනම. ඇනුනොත් පිට ගැස්ම හැදිලා මැරෙන්නෙ. නොම්මර එකේ රස්තියාදු කාරයෙක් වෙන්න ඇති.

මම මොකුත් නොකියා හිතින් දෙහි කපන ගමන් ඒ ඇස් දිහා රවාගෙන බලාගෙන ඉද්දි මාව තල්ලු කරලා දැම්ම එයා යන්න ගියේ මෙච්චර වෙලා කට ලොක් වෙලා හිටිය මම එක පාරට කෑ ගහද්දි. එහෙම මට බැනලා නිකන් යන්න දෙන්න බෑනෙ. නීල කොබෙයියා.

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now