අනූ හයවන දිගහැරුම

5.1K 444 200
                                    

වසර හතරකට පසු,

එලාර්ම් එකේ සද්දෙට ඇස් ඇරිය මම එලාර්ම් එක ඕෆ් කරලා වෙලාව බැලුවෙ උදේ හතයි කියලා වෙලාව පෙන්නද්දි. මන් තාමත් හිටියෙ අභීන්ගෙ පපුවට තුරුළු වෙලා වෙද්දි එයාගෙ අතක් මගෙ බඳ වටේ එතිලා තිබුණෙ අනිත් ඉරිසියාකාරිත් එහා පැත්තෙන් අභීන්ගෙ පපුවට තුරුළු වෙලා ඉද්දි.

මම අභීන්ට තුරුළු වෙලා නිදාගත්තොත් කොහොමහරි උදේ වෙද්දි අපි දෙන්නගෙ අස්සට රිංගනවා ඉරිසියාකාර කෙල්ල.

අද නිවාඩු දවස නිසා ඒ දෙන්නට තව ටිකක් නිදාගන්න දුන්නු මම ඇඳෙන් නැගිට්ටෙ අභීන්ගෙ පපුවට හාදුවක් තියලා වෙද්දි අප්පච්චිගෙ ඇඟේ එල්ලිලා නිදාගෙන ඉන්න කෙල්ලගෙත් ඔළුව අතගාලා කම්මුලටකට හාදුවක් දුන්නා.

දත් මැදලා වොශ් එකක් දාගත්ත මම අපි හතර දෙනාගෙ දවස් හතරක විතර රෙදි වොශින් මැෂින් එකට දාන්න එකතු වෙලා තිබ්බ නිසා ඒ ටිකත් වෙන වෙනම වොශින් මැෂින් එකට දාලා පහළට බැස්සෙ උදේට මොනවාහරි පොඩි දෙයක් හදලා ගන්න හිතාගෙන.

අවුරුදු හතරක් ගෙවිලා ගිහින්. ලේසි නෑ. දැන් කෙල්ලටත් අවුරුදු හතරක්. කෙල්ල ලොකු උනා ඇරෙන්න ගොඩාක් දේවල් වෙනස් වෙලා
නෑ ඉතින්. හැබැයි එයා නිසා අපි දෙන්නගෙ ඩේලි ලයිෆ් එක පොඩ්ඩක් වෙනස් වෙලා. ඉතින් මොන දේ වෙනස් උනත් අදටත් අභීන්ගෙයි මගෙයි ආදරේ එදා නුවරදි පටන් ගත්ත විදිහටම තාමත් අළුත් පිටම තියෙද්දි අපි දෙන්නා කියාගන්න බැරි තරම් සතුටින් සැනසීමෙන් ඉන්නවා. එයාගෙ ආදරේ දවසින් දවස අළුත් වෙනවා,වැඩි වෙනවා මිසක් කවදාවත් ඒ ආදරේ හිස්තැනක් නැති උනා.

පැන්ට්‍රිය පැත්ත හැරිලා හිටිය මගෙ බඳ වටේ එතුනු ශක්තිමත් අත් දෙකක් නිසා මම කල්පනාවෙන් මිදුනෙ මගෙ කම්මුලටකට ලැබුණු හාදුවක් එක්ක මගෙ තොල් වල හිනාවක් ඇඳෙද්දි.

මතක් කරනකොටම ඇවිත් මගෙ කුඩු මහත්තයා.

" ගුඩ් මෝනින් ශුඩු මහත්තයා.."

" ම්ම්ම්. ගුඩ් මෝ..නින්."

මගෙ උරහිස උඩ ඔළුව තියාගෙන අභීන් නිදිමතේම කියද්දි මම එහෙන්මම අතක් උඩට කරලා ඒ ඔළුව පිරැද්දෙ එයාගෙ හිස්මුදුනට කම්මුල තද කරන ගමන්.

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now