හැට හත්වන දිගහැරුම

3.7K 503 155
                                    

ඒ පිම්මෙම මම හොස්පිට්ල් එක ඇතුළට දුවද්දි රූම් එකෙන් එළියෙ අභීන්ගෙ අප්පච්චි වගේම නෙහාන් අයියා හිටියෙ නෙහාන් අයියා මට ඇස් වලින් ඇතුළට යන්න කියද්දි. ශෙනාලුත් මාත් එක්කම ඇතුළට එද්දි අභීන් ඇඳේ හාන්සි වෙලා හිටියෙ එතනම හිටගෙන ඩිස්නි ඉද්දි. එයාගෙ වම් අත වෙළුම් දාලා තිබුණෙ අභීන් ඒක හොලවන්නෙ නැතුව තියාගෙන ඉන්න ගමන් ඩිස්නි එක්ක කතාවක ඉද්දි.

අම්මා අභීන්ට දෙන්න උණු වතුර වගයක් ලැහැස්ති කරන ගමන් හිටියෙ මාව දැක්ක අම්මා මගෙ ළඟට එද්දි.

" එන්න."

මට පිටිපස්සෙන් ආව ශෙනාලුත් එළියට ගිහින් තියෙද්දි මගෙ දිහාවට එක බැල්මක්වත් නොදී ඩිස්නි එක්ක කතා කරන අභීන් දිහා බලාගෙන මම අම්මට බෑ කියන්න ඔළුව වනද්දි අම්මා මගෙ අතින් ඇදගෙන ඇතුළට එක්කන් ආවෙ උණු වතුර එක මගෙ අතට දෙන ගමන්.

" අභීන්ට කේන්ති යයි අම්මා."

මම හිමින් මුමුණද්දි අම්මා මාව ඇඳ පැත්තට තල්ලු කරේ කතා කරන ගමන්.

" යන්නකො. මන් බලාගන්නම්."

එයා ඉන්නෙ තාමත් මාත් එක්ක කේන්තියෙන්. මන් ආවා කියලා ගානක්වත් නැතුව එයා ඩිස්නි එක්ක කතාව. අඩුම තරමෙ එක පාරක්වත් එයාගෙ ඇස් මගෙ ළඟ නතර උනේ නෑ.

" අහී..න්."

එයා ළඟට ගිය මම හිමින් කතා කරද්දි එයා එක පාරක් මගෙ දිහා බලලා අතේ තිබුණු උණුවතුර වීදුරුව දිහා බැලුවෙ ඩිස්නිට කතා කරන ගමන්.

" ඩිස්නි. මේක ගන්න."

එහා පැත්තෙ හිටිය ඩිස්නි මගෙ ළඟට ඇවිත් වතුර වීදුරුව මගෙ අතින් ගන්න හැදුවෙ මම ඒක ඇද්ද පාරට මගෙ අතින් ලිස්සලා කකුල් පාමුලම වතුර වීදුරුව කුඩු වෙලා යද්දි.

අම්මත් බය වෙලා මගෙ දිහා බලද්දි අභීන්ගෙ අප්පච්චිත් සද්දෙ ඇහිලද කොහෙද ඇතුළට ආවෙ නෙහාන් අයියා ඩිස්නිට කතා කරගෙන එළියට එක්කගෙන යද්දි.

" ඩිස්නි පොඩ්ඩක් එන්න."

මගෙ අතින් බිඳුණු වීදුරුව ගැන ගානක්වත් නැති මම අභීන් දිහා බලාගෙන ඉද්දි එයාගෙ ඇස් කේන්තියෙන් රතු වෙලා තිබුණා. අභීන්ගෙ අප්පච්චි බිඳුනු වීදුරු කටු එකතු කරන්න ගත්තෙ එළියට දුවන්න හදපු මාව අම්මා නවත්ත ගනිද්දි.

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now