දහසයවන දිගහැරුම

4.6K 563 67
                                    

නෙහාන් අයියා යන්න කලින් මම වගේම ශෙනාල් කැම්පස් එකට ආවෙ අපි දෙන්නම අප්සට් මූඩ් ගහලා ඉද්දි.

" අර නිල් පාට කොණ්ඩයාගෙත් හෙන සීන් එක නේද බන්. ඔව් ඉතින් අරූ වගේම වෙන්න එපැයි උගෙ යාළුවත්."

" හ්ම්ම්."

ශෙනාල් කියවද්දි කම්මුලට අත තියාගෙන හිටිය මම හූමිටි තිබ්බෙ ශෙනාල් මගෙ පිටට එකක් ගහද්දි.

" මොකද යකෝ ඔහොම ඉන්නෙ. කෑල්ල වෙන කොල්ලෙක් එක්ක ඉන්නවා දැකලාවත් මම ඔහොම හිටියෙ නෑ."

" අනේ.. ඔව්.ඔව් මගෙන් අහගන්න එපා හිටිය විදිහ."

ශෙනාල් ඇත්තටම එදා බිව්වට පස්සෙ ටික ටික යතා තත්වයට පත් වෙන ගමන් හිටියා. ඌ ඇත්තටම ආපහු පරණ එකා වෙන ගමන්ද නැත්තන් අනිත් අයට පෙන්න ඉන්න විදිහද කියන්න දන්නෙ ඌම තමයි. හැබැයි මේ පැය ගානට නම් ඌට අළුත්ම මාතෘකාවක් හම්බවෙලා තිබ්බෙ දුක්ඛ දෝමනස්ස ඔක්කොම සුන්නද්ධූලි වෙලා ගිහින් තියෙද්දි.

අළුත් මාතෘකාව තමයි නෙහාන් ගල් මූසලයා.

මන් නම් දන්නෑ මූට මේ තරම් තරහක් තියෙන්න හේතුව මොකද්ද කියලා. සාමාන්‍යයෙන් අපි ලොකු වෙනකොට පොඩි කාලෙ ඒවා අමතක වෙනවනෙ. හැබැයි මූට නම් එහෙම නෑ. යකෝ ඩෝසරේ කඩපු එකත් තාම මතක තියාගෙන ඉන්නවා කියන්නෙ. මට පෙන්නෙ මෙතන තියෙන්නෙ වෙනම එකක්ද මන්දා. හැබැයි ඉතින් පහ වසරෙන් පස්සෙ දැක්කෙත් නෑ කියනවනෙ. අනේ මන්දා.

" උඹ අද හොටෙල් එකට යනවද?"

" යන්න එපැයි බන්."

ශෙනාල් අහද්දි මම කිව්වෙ ෆෝන් එක අතට ගන්න ගමන්.

" අද මාත් එනවා. මාත් එක්ක යමන්."

ශෙනාලයා කිව්ව දේත් එක්ක මම ඇස් දෙක ලොකු කරගත්තෙ අද උදේ ඉඳන්ම මුගෙ හැසිරීමෙ අමුත්තක් තියෙද්දි.

" මොකද උඹ ඔහොම බලන්නෙ. මන් එන්නෙ උඹව ගිහින් දාන්න."

" මන් වෙනදටත් ගියේ උඹ එක්කනෙ. ඒකයි එහෙම බැලුවෙ."

මූට මොනවා වෙලාද කියලා හිතාගන්න බැරි වෙද්දි මම ඕන මගුලක් කරගනින් කියලා නිකන් හිටියෙ ළඟඳිම මුගෙ වෙස් පෙරළිල්ලට හේතුව හොයාගන්න හිතාගෙන.

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now