තිස් හත්වන දිගහැරුම

4.2K 532 112
                                    

"තමුසෙට මාව රිළවෙක් වගේද පේන්නෙ කලවැද්දො."

ශෙනාලයා වෙරි උනත් තනි කෙලින් ගිහින් නෙහාන් අයියගෙ කොලර් එකෙන් අල්ලගත්තෙ මමත් උගෙ පස්සෙන් එතනට දුවද්දි.

"උඹ මට රිළවා කියන්නෙ උඹ ඩයස්ගෙ නංගිද?"

ශෙනාලයා අත් දෙකෙන්ම නෙහාන් අයියගෙ කොලර් එකෙන් අල්ලගෙන නෙහාන් අයියව හොලව හොලව අහද්දි මම ශෙනාල්ව ඇදලා ගන්න හැදුවෙ ඌ නෙහාන් අයියගෙ ෂර්ට් එකේ එල්ලිලම ඉද්දි.

" ශෙනාල් ඕක නවත්තපන් බන්. මෙහෙ වරෙන් යකෝ."

මම ඇදලා ගත්තත් මගෙ අත ගසා දාපු ශෙනාල් ආපහු පාරක් නෙහාන් අයියගෙ කොලර් එකෙන් අල්ලගත්තෙ මම, අභීන් වගේම අනිත් උනුත් ශෙනාල්ව නවත්තන්න හදද්දි.

" තමුසෙ මට රිළවා කියන්නෙ තමුසෙ කවදාහරි දවසක තමුසෙගෙ මූණ දැකලා තියෙනවද? තමුසෙගෙ අර ලක්සරි අපාර්ට්මන්ට් එකේ කණ්ණාඩියක් එහෙම තියෙනවද කලවැද්දො. උඹ හෙන කැතයි යකෝ. හෙනම හෙන මෝඩ පාටයි. දැක්කම මූණ දෙක වෙන්න දෙන්නමයි හිතෙන්නෙ. තමුසෙ දන්නවද තමුසෙ නිකන් චීන කොරියන් ඌරෙක් වගේ. ඒ විතරද තමුසෙ පාරෙ යනකොට හරියට කක්කුට්ටෙක් වගේ. ආවා මෙතන මට රිළවා කියන්...ම්ම්ම්."

ශෙනාලයා වක්කඩේ කැඩුවා වගේ උගෙ බෝක්කු කටින් කියවගෙන කියවගෙන යද්දි මම උගෙ කටට අත තිබ්බෙ ඩී ජේ එකේ සද්දෙ නිසා යන්තම් ළඟ පාත ටේබල් දෙක තුනක අය විතරක් ශෙනාලයගෙ වීර ක්‍රියාව දිහා බලාගෙන ඉද්දි. නෙහාන් අයියත් රතු කට්ට පනින්න ඔන්න මෙන්න ඉද්දි ශෙනාල්ගෙ කටට අත තිබ්බ මම ඌව ඇදගෙන ආවෙ අපි හිටපු ටේබල් එකට.

යනකොට තනිකෙලින් ගිය එකා ආපහු ටේබල් එකට ආවෙ හතර වටේටම වැනි වැනි වෙද්දි මම ඌව පුටුවට අත ඇරියෙ මූ ආපහු බෝතලයක් බදා ගනිද්දි.

" දැන් ඇති ශෙනාල්. තෝව ගෙදර එක්කන් යන්න පුළුවන්ද යකෝ මෙහෙම."

මම කියන ඒව කනකට නොගෙන ශෙනාලයා ආපහු වීදුරුවක් පුරවන්න ගත්තෙ මම උගෙ ඔළුවට එකක් ඇන්න පාර උගෙ ඔළුව ගිහින් එහා පැත්තෙ බිබී හිටිය එකාගෙ ඔළුවෙ වැදෙද්දි. ග්‍රහලෝක දෙකක් හැප්පුනා වගේ උන් දෙන්නගෙ ඔළු ගෙඩි දෙක වදිද්දි ශෙනාලයා කුණුහරුපයක් කිව්වෙ අනිත් එකා එහෙන්මම මේසෙ බදාගනිද්දි.

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now