සනීප උණුසුමකට මගෙ කම්මුලක් තෙරපිලා තියෙද්දි ශක්තිමත් අත් දෙකක් මගෙ බඳ වටේ එතිලා තිබුණෙ අළුත් දවසකට ඉර පායලා තියෙද්දි. තව ටිකක් එයාට තුරුළු වෙලා නිදාගන්න හැදුවත් එකපාරටම මගෙ මොළෙන් දුන්න සංඥාව එක්ක මම ඉක්මනට බෙඩ් ශීට් එක උස්සලා බැලුවෙ තාමත් ඊයෙ රෑ නිදාගත්ත විදිහටම අභීන්ගෙ වගේම මගෙ ඇඟේ එක ඇඳුමක්වත් නැති වෙද්දි.
ලැජ්ජාවෙ බෑ.. නැගිටින්න දීපම් මිනියෝ.. හෙලුවැල්ලෙන් ඉන්නෙ යකෝ. ඇඳුමක් ඇඳගන්න දීපම්. කුරුල්ලට කූඹියෙක්වත් විද්දොත් මොන දෙයියන්ට කියන්නද.
අභීන්ගෙ අත් වලට මාව තද වෙලා තියෙද්දි මම නැගිටින්න හැදුවෙ ඇඳුම ඇඳගන්න උනත් අභීන් මාව තව ටිකක් තද කරලා බදාගත්තෙ නිදිමතේ කතා කරන ගමන්.
" මොකද බන්. පණු ගායද. නිදාගනින්කො."
පෙනේද මේකා ඊයෙ රෑ මගෙ බඹසර ටික බිඳලා අපූරුවට හෙලුවැල්ලෙන් නිදාගන්න හැටි. මේකා ඊයෙ රෑ මගෙ පතිවත බින්ඳෙ නැති එක විතරයි. තව නූලක් එහා මෙහා උනා නම් බර්ත් ඩේ එක දවසෙම පතිවතත් ගහලා යනවනෙ. එහෙනම් ශෙනාලයා කිව්වා වගේ ආවෙ කොහොම උනත් යන්න වෙන්නෙ බඩ වෙලා.
" බොරුවට නටන්නැතුව හිටපන්. ඊයෙ රෑ නටන්න පුළුවන් ඔක්කොම නැටුවනෙ."
ආ.. හරිම සෝක්. හරිම සෝක්. යකෝ මම නැටුවා වගේනෙ කියවන්නෙ. මමත් පොඩ්ඩක් නැටුවා ඒක වෙනම කතාවක්. ඒ උනාට තනියෙම නැටුවෙ නෑනෙ. තවුසෙ තමයි වැඩිපුරම නැටුවෙ කුඩු මහත්තයා. මට දැන් ලැජ්ජයි ඒවා මතක් කරන්නත්. සැහ්.
අභීන්ගෙ අත් වලින් ගැලවෙන්න බැරි නිසාම මම ආපහු ඒ පපුව උඩින් ඔළුව තියාගත්තෙ අභීන් කකුලකිනුත් මාව හිර කරගනිද්දි.
ඔය අලි කකුල ගනින් මිනියො. මාව චප්ප වෙනවා. වාහනේ රෝදෙට දෙහි ගෙඩියක් චප්ප වෙනවා වගේ.
" අභීන්. කකුල ගන්න අනේ. බරයි."
" පුරුදු වෙයන්. නැත්තන් එදාටත් බරයි කියලා නහයෙන් අඬපන්."
අභීන් තාමත් ඇස් පියාගෙන කියවන්නෙ බෙඩ් ශීට් එක යටින් අතක් ගෙනියලා මගෙ සූට්ටන් බෝල පස්ස මිරිකන ගමන් වෙද්දි උදේ පාන්දර මට අතවර කරන අපේ මිනියට බෙඩ් ශීට් එක යටින් පස්ස කිස් කන්න පාරක් දුන්න මම කෑ ගැහුවෙ අභීන් ඇස් අරිද්දි.
YOU ARE READING
-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
Fanfiction𝗔𝗙𝗧𝗘𝗥 𝗧𝗛𝗘 𝗦𝗧𝗢𝗥𝗠 𝗦𝗘𝗔𝗦𝗢𝗡 𝟬𝟮 අවාරෙක මැලවුණු හදට නුඹ තෙමන පොද වැස්සක් වැනී... අහම්බෙක නෙත් ගැටී උන් නුඹ මට වසන්තෙක සිහිනෙකී... #1 - Zhan (02.12.2023) #1 - sl (06.01.2024) #1 - bl (24.01.2024) #1 - sinhala (24.01.2024) #1 - සිංහල (2...