තිස්වන දිගහැරුම

4.4K 538 137
                                    

රෑත් මම අභීන්ට කෝල් එකක් දීලා බැලුවත් තියෙන පඩස්තර කමට මේ යකා නෙවෙයිනෙ ආන්සර් කරේ. ආච්චි වැහීගෙන එද්දි මම ෆෝන් එකත් ඇඳට විසි කරලා නිදා ගන්න හැදුවෙ ෆෝන් එක විසි කරපු පාරට මෙට්ටෙන් බම්ප් වෙලා ඒක බිත්තියෙ වැදිලා ඩිස්ප්ලේ එකේ ඉරකුත් යද්දි.

" අම්මට හු@#* අභීන් තවුසෙව මට පේන්න බෑ ඕයි. උණහපුළුවා."

දවල් වීර ක්‍රියාවක් කරලා ආපු ශෙනාලයත් එහා පැත්තෙ ඇඳේ ඉඳගෙන ටිපි ටිප් එකකට වග කියන ගමන් ෆිල්ම් එකක් බල බල ඉන්නෙ අර මනුස්සයට උනේ මොකද්ද කියලා නිකන්වත් හොයලා බලන්නෙ නැතුව.

ඇත්තටම මූද යකෝ අර දවස් වල කෙල්ලෙක් බලන්න කියලා මාවත් උදේ පාන්දර ඇහැරවගෙන ගිය සුදාත්ති. ටිපි ටිප් කකා කකුල් දෙකත් උඩ තියාගෙන ඉන්න හැටි විතරක්. මොන්ටිසෝරි පොඩි එකෙක් වගේ.

ශෙනාලයා එක්දාස් නවසිය බර ගනන් වල බලපු ෆිල්ම් එකක් ආපහු පාරක් දාගෙන බලද්දි ඒක බලන්න බැරි හින්දා මාත් ඇඳට වැටුනෙ නිදාගන්න.

නිදාගන්න ඇඳට වැටුනු මට අභීන්ගෙ අම්මව මතක් උනේ තොල් වල හිනාවක් ඇඳෙද්දි.

ලබන සතියෙ විතර ගිහින් බලලා එනවා. අභීන් ඕනයෑ. මන් තනියෙම යනවා.

.
.
.
.
.

උදේ කැම්පස් එකට එක ඉස්සරහට වෙලා මම ටිකක් වෙලා හිටියෙ අභීන් කෑම එක අරන් ආවොත් කියලා. ඒත් ඊයෙ ආපු වෙලාවත් පහු වෙද්දි මම ශෙනාල් එක්ක ඇතුළට ආවෙ සමහරවිට අභීන් ඊයෙ ගිය විදිහ නිසා අද එන්නෙ නැති වෙයි කියලා හිතලා.

" අපරාදෙ යකෝ කෑම එක අරගෙන ආවොත්. නැති හින්දා හැරිලා යයි."

ශෙනාලයා කෑම එක නැති වෙන එක ගැන පට්ට දුකින් කියද්දි මම මොකුත් කිව්වෙ නැත්තෙ ඇත්තටම අභීන් ඒ තරම් තරහා වෙලාද කියලා හිතා ගන්න බැරුව.

සෙට් එක එක්ක බෙන්ච් එකක කතා කර කර ඉද්දි අපි ළඟට කොල්ලෙක් ආවෙ මාව අහන ගමන්.

"නිහින්ස කියන්නෙ..?"

ඔක්කොම මාව පෙන්නද්දි ඒ කොල්ලා අතේ තිබුණු බත් පාර්සලයක් මට දික් කරේ අභීන් ඇවිත් කියලා මම දැන ගනිද්දි.

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now