හතලිස් අටවන දිගහැරුම

4.2K 533 160
                                    

ශෙනාල්ගෙ ගෙදර ආවට පස්සෙ පහුවදා මම ශෙනාල් එක්ක කැම්පස් ආවෙ ලෙක්චර් හෝල් එක ඇතුළට යන්න හදද්දිම වගේ මූණට අශේන් අයියව හම්බවෙද්දි. අශේන් අයියව දැක්කට පස්සෙ තමයි මට මතක් උනේ ඊයෙ කෝල් එකක් අරන් තිබුණා කියලා. සයිලන්ට් දාලා නොතිබ්බත් මට කොහොමහරි මොකක් හරි හේතුවක් නිසා කෝල් එක මග ඇරිලා තිබුණා.

" නිහින්සට මම ඊයෙ කෝල් එකක් ගත්තා. ආන්සර් කරේ නෑ."

ශෙනාලුත් මට එහා පැත්තෙ ඉද්දි මූණටම හම්බවුණ අශේන් අයියා කියද්දි මම කතා කරේ හිනාවෙලා.

" ඔව් අයියෙ. මන් පස්සෙ දැක්කෙ. හදිස්සියක්ද?"

මාත් ගොනා වගේ ඊයෙ ගත්ත කෝල් එකට හදිස්සියක්ද කියලා අහද්දි අශේන් අයියා කතා කරේ ශෙනාල් දිහාත් බලන ගමන්.

" ලෙක්චර්ස් ඉවර වෙලා පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද. කැම්පස් එකෙන් එළියෙදි."

" මොකක් ගැනද දන්නෙ නෑ."

අශේන් අයියා කිව්ව ගමන් අනිත් පැත්තට ඇහුවෙ සල්ලි ගැන අහනවද කියලා හිත කියද්දි.

" පොඩි දෙයක් ගැන නිහින්ස. පුළුවන් නේද?"

අශේන් අයියා අහද්දි මම පුළුවන් කියන්න දෙගිඩියාවෙන් ඔළුව වැනුවෙ අශේන් අයියා එතනින් යද්දි.

" ඒ පාර මොකද දන්නෙ නෑ."

ශෙනාල් අහද්දි මම තොල නොපිට පෙරළුවෙ දන්නෑ කියන්න.

" දැන් අර අශේන් අයියලගෙ ටී ෆැක්ට්‍රි එකේ උඹලගෙ තාත්තා වැඩද?"

ශෙනාල් අහද්දි මම උත්තර දුන්නෙ ඌ එක්ක ලෙක්චර් හෝල් එක ඇතුළට එන ගමන්.

" ම්ම්ම්. කරගෙන යනවා බන්. දැන් ගෙදර වියදමටත් ඒ සල්ලි දෙනවා."

" එහෙනම් කමක් නෑ."

ශෙනාල් මට එහා පැත්තෙ වාඩි වෙද්දි ලෙක්චර් එක පටන් ගත්තෙ මගෙ ෆෝන් එකට මැසේජ් එකක් එද්දි. මැසේජ් එක අභීන්ගෙන්.

Lectures iwara wela Shenalwa yawala athulen inna.

Ha.

අශේන් අයියා ඉන්න කිව්ව බව අමතක උන මම අභීන්ට රිප්ලයි එකක් දාලා ෆෝන් එක පැත්තකින් තිබ්බෙ ලෙක්චර් එක පටන් ගත්ත නිසා.

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now