දහනමවන දිගහැරුම

4.7K 524 101
                                    

ඇඟේ අමාරුව එක්ක දවස් තුනක් ගෙවලා දැම්මෙ දවස් තුනකට පස්සෙ ආපහු හිටිය විදිහටම ගොඩ එන්න පුළුවන් වෙද්දි.
ශෙනාල්ගෙ උදව් එක්ක කැම්පස් එකේ හැමදේම කවර් කරගන්න පුළුවන් වෙද්දි නෙහාන් අයියා නම් දවස් තුනේම මාව බලලා යන්න ආවෙ ඒ එන හැම පාරකම ශෙනාල් නෙහාන් අයියා එක්ක මොකක් හරි වලියක් දාගනිද්දි. වෙන දෙයක් කරන්න දෙයක් නැති මම නෙහාන් අයියා ලෙඩ්ඩු බලන්න එද්දි ගේන අනං මනං ජාති කකා කරේ දෙන්නගෙ වලිය දිහා බලන් ඉන්න එක.

හිතුවට වඩා ඒකෙ පොඩි ආතල් එකකුත් තිබ්බා. පොඩි කිව්වට පොඩිමත් නෑ.
නෙහාන් අයියගෙ එක වචනෙකට ශෙනාලයා කුලප්පු වෙන්නෙ කුළු මී හරකෙක් වගේ. ඒ කුලප්පු වෙලා ඉන්න ශෙනාලයා දිහා නෙහාම් අයියා කිණ්ඩියට හිනා වෙන විදිහ තමයි මරුම. ෆිල්ම් එකක් බලනවා වගේ අෆ්ෆා.

අදත් නෙහාන් අයියා ශෙනාලයගෙ අම්මව හම්බවෙන්න කියලා ඇවිත් තිබුණෙ ශෙනාල් අදත් වලියක් පටන් ගන්න දත කාගෙන ඉද්දි.

මූටත් වෙන වැඩ නැද්ද මන්දා අර හොඳට ඉන්න මනුස්සයාව අල්ලගෙන වලියක් දාගන්නවා.

මමත් සාලෙ පුටුවකට වාඩි වෙලා එෆ් බී එකේ උඩ පල්ලෙහා යන ගමන් හිටියෙ නෙහාන් අයියා කුස්සියෙ ශෙනාල්ගෙ අම්මා එක්ක බර කතාවක ඉද්දි.

" මේ බන් අර මිනිහා මොකද කොයි වෙලාවෙත් අපේ ගේ අස්සෙ රිංගන්නෙ. දැන් දවස් හතරක් එක දිගට මෙහෙ ආවනෙ."

ශෙනාල් කිචන් එකට යන තැන කැරකි කැරකි ඉඳලා මගෙ ළඟින් වාඩි වෙන ගමන් අහන්නෙ කිචන් එකේ කතා කරන ඕප දූප ටික ඔක්කොම අහගෙන ඇවිත්.

" පොරට මෙහෙන් කසාදයක්වත් කරගන්න හිතිලද දන්නෙ නෑනෙ."

මම කිව්වෙ ශෙනාල් උත්තර දෙද්දි.

" ම්ම්ම්. අපේ අයියව බැඳගන්නද දන්නෙ නෑ. ඕකා මස්සිනා උනාම ඕකගෙන් පුළුවන් තරම් වැඩ ගන්න ඕනෙ."

" හ්ම්ම්. හ්ම්ම්. උඹ දන්නෙම නෑනෙ කාටද කසාදෙ කියලා."

ශෙනාලයා කකුල් දෙකත් පුටුව උඩට අරගෙන උන්ගෙ අයියට නෙහාන් අයියව පාව දෙද්දි මම කිව්වෙ මුගෙත් තියෙන්නෙ හෙන බොරුව හින්දා.

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now