අභීන් යන්න ගියාට පස්සෙ මම ගේ ඇතුළට ආවෙ එයාගෙ ජැකට් එකත් ගලවලා අතට අරගෙන.
" තෙමුණද පුතේ. ඉක්මනට නාගන්න. මම උණුවට බොන්න දෙයක් හදන් එන්නම්."
ඇතුළට එද්දිම ශෙනාල්ගෙ අම්මව මූණට හම්බවෙද්දි මමත් ඉක්මනට ඇතුළට ආවෙ නාගන්න ඕන නිසා.
" කාගෙද ඔය ජැකට් එක?"
කාමරේට එද්දිම ශෙනාල් ජැකට් එකේ අයිතිකාරයව හොයද්දි මම ජැකට් එක බැල්කනි එකේ රැක් එකට දැම්මෙ ජැකට් එක වැහි වතුරට පෙඟිලා තියෙද්දි.
" අභීන්ගෙ."
මම කිව්වෙ ශෙනාල් ඇහිබැම උඩ යවද්දි.
" ම්ම්ම්. හොටෙල් එකෙන් ට්‍රාන්ස්පෝට් එහෙමත් දෙනවා නේද? ඒකත් හොටෙල් එකේ සර්මයි. හොඳයි. හොඳයි."
ශෙනාල් හින්ට් පාස් කරද්දි මම මොකුත් නෑහුන ගානට බාත්රූම් එකට රිංගගත්තෙ ඉක්මනට නාගන්න.
අභීන් ගෙදර ගියාද දන්නෙ නෑ.
නාගෙන ආව මම ඇඳුමක් අඳින්නත් කලින් ටවල් එකත් ඇඳගෙනම ෆෝන් එක අතට ගත්තෙ අභීන් ගෙදර ගියාද කියලා දැන ගන්න.
" හෙලෝ."
මම ගත්ත කෝල් එක අභීන් එහා පැත්තෙන් ආන්සර් කරද්දි මම ආපහු කතා කරේ ගෙදර ගියාද කියලා දැනගන්න.
" ගෙදර ගියාද?"
" ඔව්. ඔව්. දැන් ආවෙ."
" හ්ම්ම්. තියන්නම්."
අභීන් උත්තර දෙද්දි හූමිටි තිබ්බ මම කෝල් එක කට් කරන්න ගියේ අභීන් ආපහු කතා කරද්දි.
" හෙට කීයටද ට්‍රේන් එක."
" හතරට."
මම උත්තර දුන්නෙ අභීන් තවත් ප්‍රශ්නයක් අහද්දි.
" ස්ටේෂන් එකට යන්නෙ කොහොමද?"
" ශෙනාල්ගෙ තාත්තා ගිහින් දාන්නම් කිව්වා."
" ම්න්. තියන්නම් එහෙනම්."
කෝල් එක කට් වෙද්දි ෆෝන් එක මේසෙ උඩින් තිබ්බ මම ඇඳුමක් දාගත්තේ තාමත් වැස්සෙ අඩුවක් නැති වෙද්දි.
" මෙන්න අම්මා උඹට සමහන් එකක් හදලා."
දුම් දාන සමහන් කෝප්පයක් අතේ තියාගෙන ශෙනාල් කාමරේට ආවෙ මම ඒක අතට ගනිද්දි.
YOU ARE READING
-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
Fanfiction𝗔𝗙𝗧𝗘𝗥 𝗧𝗛𝗘 𝗦𝗧𝗢𝗥𝗠 𝗦𝗘𝗔𝗦𝗢𝗡 𝟬𝟮 අවාරෙක මැලවුණු හදට නුඹ තෙමන පොද වැස්සක් වැනී... අහම්බෙක නෙත් ගැටී උන් නුඹ මට වසන්තෙක සිහිනෙකී... #1 - Zhan (02.12.2023) #1 - sl (06.01.2024) #1 - bl (24.01.2024) #1 - sinhala (24.01.2024) #1 - සිංහල (2...