හැට අටවන දිගහැරුම (BONUS)

3.9K 496 111
                                    

පාන්දර ට්‍රේන් එකේ ආව මම තාත්තට ඇප දෙන්න මම පොලීසියට ගියේ එන්න එපා කිව්වත් අශේන් අයියත් ඇවිත් තියෙද්දි.

" අශේන් අයියා ආවෙ අපරාදෙ."

" ඒකට කමක් නෑ නිහින්ස. සකුනි කෝල් කර කර අඬනවා. බැරිම තැන මම ආවෙ. මෙහෙන්මම ආපහු යන්නත් ඕනෙ."

අශේන් අයියා කියද්දි මම හිනාවක් දුන්නෙ යන්තම් තොල් ඇදලා.

" පහුගිය ටිකේ ප්‍රශ්න වගයක් උනා කියලා ආරංචියි. මන් කතා කරේවත් නැත්තෙ ප්‍රශ්න අස්සෙ කතා කරලා තවත් නිකන් හාර අවුස්සන්න ඕනෙ නැති නිසා."

අශේන් අයියා කියද්දි මාව ගොළු උනේ මම අශේන් අයියාගෙ අතින් අල්ලගනිද්දි.

" මන් එහෙම කෙනෙක් නෙවෙයි අයියෙ. ප්ලීස්. මන් නිසා නංගිගෙ හිත රිද්දන්න එපා."

" පිස්සුද නිහින්ස. මන් ඒ වගේ මනුස්සයෙක් නෙවෙයි."

අශේන් අයියා කියද්දි තාත්තා අපේ පැත්තට ආවෙ තව පොඩි කොල්ලෙක් එක්ක.

" යමු එහෙනම්. මල්ලි වාහනේ ගනින්."

ඒ ආව පොඩි කොල්ලට අශේන් අයියා කියද්දි ඒ කොල්ලා වාහනේ ළඟට ගියේ දෙතුන් වතාවක්ම මගෙ දිහා හැරි හැරි බලන ගමන්.

" අපේ තාත්තා ළඟ වැඩ කරන පොඩි කොල්ලෙක්."

මාත් ඒ දිහා බලන් ඉන්නවා දැකලද කොහෙද අශේන් අයියා කියද්දි මට ඒ පොඩි කොල්ලා ගැන කුතුහලයක් ඇති උනේ වාහනේට නැග්ගට පස්සෙත් දෙතුන් වතාවක්ම ඒ කොල්ලා මගෙ දිහා බැලුව නිසා.

අපිව ගෙදරට දැම්ම අශේන් අයියා මිදුලෙ ඉඳන් චූටිත් එක්ක කතා කරලා යද්දි මිදුලෙ ඉඳන් ආව චූටි උළුවස්ස උඩ හිටිය මගෙ උරහිසේ හැප්පිගෙනම ඇතුළට ගියේ මාත් එක්ක වචනයක්වත් කතා නොකර.

මට ලොකු හුස්මක් පිට වෙද්දි අක්කා ගේ ඇතුළෙ ඉඳන් ආවෙ මට කතා කරන ගමන්.

" ඇඳුමක් මාරු කරගන්න මැණික. මහන්සියිනෙ."

අක්කා කියද්දි ඔළුව වනපු ටවල් එක අරගෙන ළිඳ ළඟට ආවෙ එළියෙ ෂවර් එකෙන් නාන්න පුළුවන් උනත් ළිඳෙන් නාන්න හිතෙද්දි.

සීතලම සීතල වතුර බාල්දිය ඔළුවට වැටෙද්දි ඇස් වලින් උනන කඳුළු ඒ වතුරට එකතු වෙලා හේදිලා ගියේ වතුර බාල්දි පහ හයක් අවසානෙදි වතුර බාල්දිය උස්සගන්න බැරි තරමට මාව හෙම්බත් වෙලා තියෙද්දි. දරාගන්නම බැරි තැන මාව වතුර බාල්දියත් එක්කම බිම වැටෙද්දි මම ළිඳේ සිමෙන්ති බැම්මට පිට දීලා හේත්තු උනේ අත් දෙකෙන්ම කොණ්ඩෙ ඇදගන්න ගමන්.

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now