හැත්තෑ අටවන දිගහැරුම

4K 480 241
                                    

මමයි අප්පච්චියි දෙන්නම ගේ ඇතුළෙ අම්මිව හොයද්දි එයාගෙන් කිසිම සද්දයක් නැති උනේ අපි දෙන්නවම බය වෙද්දි. අප්පච්චි එහෙන්මම ගාර්ඩ්න් එක පැත්තට දුවගෙන වගේ යද්දි මමත් ඒ පිටිපස්සෙන් ගියේ පූල් එක ළඟ වාඩි වෙලා වතුරට කකුල් දෙකත් දාගෙන ඉන්න අම්මිව දැක්ක අප්පච්චියි මමයි ලොකු හුස්මක් පහතට දාද්දි.

" ඇඳුමක් දාගන්න. මම බලන්නම්."

අප්පච්චි මට කියද්දි ගේ ඇතුළට යන්න අකමැති උන මම ටවල් එක පිටින්ම ඒ දෙන්නා ඇහෙන මානෙ නැවතුනේ පූල් එකට දාලා තියෙන ලයිට් එළියෙන් අම්මි ඈත බලාගෙන ඉන්නවා පෙනෙද්දි.

" ජාන්!"

අප්පච්චි ළඟට යනකන්ම නොදැක්ක එයා අප්පච්චි කතා කරනවත් එක්කම ගැස්සිලා බැලුවෙ කලබලෙන් අත් දෙකෙන්ම කම්මුල් පිහදාන ගමන්.

" බඩගිනිද මහත්තයා. අභීන් බාත්රූම් එකෙන් ඇවිල්ලා ඇති. යමු."

" ඔහොම ඉන්න."

අම්මි නැගිටින්න හදද්දි අප්පච්චි අම්මිව නවත්තලා එයාට එහා පැත්තෙන් වාඩි උනේ වතුරට කකුල් දෙක දාගන්න ගමන්.

" මහත්තයා."

අම්මි අප්පච්චිට කතා කරන ගමන් අප්පච්චිගෙ උරහිසේ ඔළුව තියාගත්තෙ අප්පච්චිගෙ අතක එයාගෙ අත පටලවගන්න ගමන්.

" ම්න්."

" අනේ මට බනින්න එපා මහත්තයා. මට හිතෙන දේවල් ඔයා එක්ක නැතුව මම වෙන කවුරු එක්ක කතා කරන්නද. ඔය තුන් දෙනාම මාව මේ ගේ අස්සෙ දාලා උදේම යනවා. මුළු දවසෙම මේ ගේ ඇතුළෙ ඉඳලා හිතට එන එක එක ඒවා මම කතා කරන්න බලාගෙන ඉන්නෙ ඔයා ගෙදර එනකන්.

අනේ මම දන්නවා මහත්තයා අභීන් කවදාහරි මාව දාලා එයාගෙ පවුලක් හදාගෙන යනවා කියලා. ඒ වගේම දෝණිත්. මට ඒක නවත්තන්න බෑ කියලත් මම දන්නවා. මට අභීන්ව යවන්න එක මොහොතකට ලෝබ හිතුනා. දවසෙම ගෙදර ඉද්දි මට හිතුන දේවල් මම ඔයා එක්ක කිව්වා විතරයි මහත්තයා. මන් කවදාවත් එයාගෙ සතුටට අකුල් හෙලන ජාතියෙ අම්මා කෙනෙක් නෙවෙයි මහත්තයා.

එකම දේ මම ආපහු පාරක් තනි වෙන්න බයයි. ඒ බය තත්පර ගානකට ඉස්සර උනා. මගෙ තුරුලෙ ඉඳලා එයා එකපාරට යන්න හදද්දි ඉස්සර වගේම තනිවෙන්න වෙයි කියලා මම බය උනා. අනේ මම තනිවෙන්න හරි බයයි මහත්තයා. අභීන්ගෙ ජීවිතේට මැදිහත් වෙන්න මගෙ තුන් හිතකවත් නෑ දෙයියනේ. මට බනි..න්න එපා. ඔයාට අහගෙන ඉන්න බැරි නම් අඩුම තරමෙ පස්සෙ කතා කරමු කියලවත් කියන්න. මට බනි..න්න එපා මහත්..තයා. ඔයා මාව දරුවො දෙන්නව තේරුම් ගත්තෙ නැති ගානට දාලා කතා කරද්දි මට රිදෙ..නවා.

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now