හැට නමවන දිගහැරුම

4.3K 537 241
                                    

කඩුල්ල පැනලා මම මිදුලට එද්දි මිදුලෙ වෑන් එකක් නවත්තලා තිබුණා.

මම හිතුවෙ ශෙනාල් පාන්දර ට්‍රේන් එකේ එන්න ඇති කියලා. අයියා එක්කවත්ද ආවෙ.

මම වෑන් එක ඇතුළත් බලන ගමන් වෑන් එක වටෙන් ආවෙ වෑන් එක නිසා ගේ ඉස්සරහ නොපෙනෙද්දි. හිතුවා වගේම ශෙනාල් ඇවිල්ලා තිබුණෙ අයියා එක්ක වෙද්දි ඉස්තෝප්පුවෙ පුටුවක වාඩි වෙලා හිටිය ශෙනාල්ගෙ අයියා අක්කා එක්ක මොනවාහරි කතා කරන ගමන් හිටියෙ ඊට එහායින් ඉස්තෝප්පුවෙම තව පුටුවක ශෙනාල් වාඩි වෙලා ෆෝන් එකට මූණ ඔබාගෙන ඉද්දි.

ශෙනාල්ගෙ අයියටත් යන්තම් හිනාවක් දුන්න මම ශෙනාල් ළඟට යද්දි ශෙනාල් ෆෝන් එකෙන් ඔළුව උස්සලා මගෙ දිහා බැලුවෙ ඇස් වලින් ගේ ඇතුළ පෙන්නන ගමන්.

" මොකද්ද?"

ශෙනාල් ඇස් වලින් කියන එක තේරුම් ගන්න බැරි උන මම අහද්දි ශෙනාල් කතා කරේ මම එතන ඉඳන් යන්තම් ගේ ඇතුළට එබිලා බලද්දි.

" තෑග්ගක් ගෙනාවා. අන්න ඇතුළෙ ඉන්නවා."

ශෙනාල් කියද්දි මම කරේ දාගෙන හිටිය ටී ෂර්ට් එක අතට ගත්තෙ උළුවස්සෙන් ඇතුළට එබිලා බලන ගමන්. නෙහාන් අයියා එක්ක සාලෙ වාඩි වෙලා හිටිය කෙනාව දැක්ක මගෙ ඇස් වලට තත්පරෙන් කඳුළු පිරුණෙ දාඩිය බේරෙන බැනියමට යටින් මගෙ පපුව වේගෙන් ගැහෙද්දි.

" අභී..න්."

කඳුළු පිරුණු ඇස් වලින්ම හිනාවෙන ගමන් මම ඒ පැත්තට අඩිය තියන්න හැදුවත් ඒ අඩිය එහෙන්මම නැවතුනේ කුස්සියෙ ඉඳන් වතුර වීදුරුවක් අතේ තියාගෙන එන ඩිස්නිව දැකලා වෙද්දි එක බැල්මක් විතරක් මට දුන්න අභීන් අනිත් පැත්ත බලාගනිද්දි ඩිස්නි අතේ තිබුණු වතුර වීදුරුව අභීන්ගෙ අතට දුන්නෙ පපුව හාරගෙන කිණිස්සක් ඇතුළට බහිනවා වගේ දැනෙද්දි.

අනේ මට රිදෙනවා අභීන්.

අතේ තිබුණු ටී ෂර්ට් එක ඇඟිලි වලට මිරිකෙද්දි වතුර වීදුරුව අතට ගත්ත අභීන් මිදුලට බැස්සෙ මගෙ දිහා එක වතාවක්වත් නොබලන ගමන් වෙද්දි ඩිස්නිත් ඒ පිටිපස්සෙන්ම එළියට ගියේ මම ඒ දිහා බලාගෙන ඉද්දි.

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now