හැත්තෑ නමවන දිගහැරුම

3.8K 484 267
                                    

" අපි එහෙනම් ඒ විදිහට යමු. මේ තියෙන්නෙ නිහින්සගෙ තාත්තා ෆැක්ට්‍රි එකෙන් හොරකම් කරපු ෆයිල් එකට අදාළ ඩොකියුමන්ට් එක. මේකත් බලලම අපි අවසාන තීරණේට එමු. ඕකෙ තියෙන විදිහට අපිට තාත්තව ජීවිතාන්තය දක්වා උනත් ඇතුළට යවන්න පුළුවන්. එහෙම නොවෙන්න නම් කලින් තීරණේට කැමති වෙලා අපිට කතා කරලා විසඳුමකට එන්න පුළුවන්. මොකද මිස්ටර් නවරත්න අශේන්ගෙ මාමණ්ඩිව ඇතුළට යවන්න තරම් අමානුෂික වෙන්නැති බව මතක් කරලම කියන්නත් කියලා මට කිව්වා."

මුන් ඔක්කොම එකතු වෙලා මට කට අරින්නවත් බැරි වෙන්න මාව හිර කරලා තියෙද්දි මම අතේ තිබුණු ෆයිල් එක සද්දෙන් මේසෙ උඩට අත ඇරියෙ ඇස් වලින් කඳුළු ගලද්දි.

" උඹලා මහ තිරිසන්නු. සල්ලි වලට ජීවිත එක්ක සෙල්ලන් කරන්න හදන තිරිසන්නු. ඇයි මෙහෙම කරන්නෙ. ඔය නවරත්න මුදලාලි මොකටද අශේන්ට අපි වගේ අපි වගේ දුප්පත් පවුලකින් කසාද හොයන්නෙ. මාව කසාද බන්දන්න තරම් හේතුව මොකද්ද?"

" ඒක කියන්න මට අවසර නෑ නිහින්ස. මිස්ටර් නවරත්න කියන්න කියපු දේවල් ඔක්කොම මම කිව්වා. අනික නිහින්සගෙ නංගි එක්ක අශේන් තියෙන සම්බන්ධෙ ගැන මිස්ටර් නවරත්න දන්නවා. මට අන්තිමට කියන්න තියෙන්නෙ අශේන් කවදාවත් මිස්ටර් නවරත්නගෙ වචනෙට පිටින් වැඩ කරන්නෙ නෑ කියලා. මේ තියෙන්නෙ නිහින්සට ඕනෙ නම් ළඟ තියාගන්න ඩොකියුමන්ට් දෙකේම කොපීස් දෙකක්. තව දවසක් තියෙනවා. විසි දෙවෙනිදට ආපහු අන්තිම තීරණේ එක්ක මිස්ටර් නවරත්නව හම්බවෙන්න වෙයි."

ඒ මනුස්සයා මට ෆයිල් එකක් මේසෙ උඩින් තියලා නැගිටලා ගියේ මම ගහක් කපා දැම්මා වගේ පුටුවට කඩාගෙන වැටෙද්දි. මම අත් දෙකෙන්ම කොණ්ඩෙ ඇද ගන්න ගමන් ඇඬුවෙ කරන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරි තරම් ඔළුව අවුල් වෙලා තියෙද්දි.

මන් සල්ලි ගෙව්වොත් මුන් තාත්තව අතාරියිද? සල්ලිනෙ ඕනෙ. සල්ලි දුන්නොත් මේ හැම දේම මෙතනින් ඉවර වෙයි නේද.

මම එක එක හේතු හදාගනිද්දි මගෙ ෆෝන් එකට කෝල් එකක් ආවෙ ඒ කෝල් එක අභීන්ගෙන් වෙද්දි. ටික වෙලාවක් අරගෙන ඉකිය පාලනය කරගත්ත මම එයාගෙ කෝල් එක ආන්සර් කරේ එයාට මගෙ පොඩි වෙනස්වීමක් පවා නොදැනෙන්න පරිස්සම් වෙන ගමන්.

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now