දහතුන්වන දිගහැරුම

4.8K 572 148
                                    

" ඒ ගමන මට දැන් හැමතැනම නීල කොබෙයියාව පේන්න පටන් අරන්ද? බලන බලන හැම තැනම ඒකා ඉන්නෙ මොකද? ඉන්නවා විතරක් නෙවෙයි මන් ඉන්න පැත්තට කඩාගෙන එනවා නේද?"

" තමුසෙ මොනවද ක්ලබ් එකේ කරන්නෙ?"

සුනාමියක් වගේ මගෙ ළඟට ආව නීල කොබෙයියා මගෙ අත් ගොබේකින් ඇදලා ගත්තෙ වාඩි වෙලා හිටිය මාව බඹරයක් වගේ කැරකිලා විසි වෙලා යද්දි.

මොකද නිකන් නීල කොබෙයියා භ්‍රමණය වෙනවා වගේ පේන්නෙ. බැරි වෙලාවත් අද පෘථිවිය භ්‍රමණය වෙන වේගෙ වැඩි වෙලාවද?

ක්ලබ් එකේ කන පැලෙන මියුසික් වගේම පාට පාට ලයිට් එළි අස්සෙ නීල කොබෙයියාගෙ රතු පාට උන රකුසු ඇස් දෙක පෙනෙද්දි මම ඒ බෙල්ල වටේ අත් දෙක ඔතාගත්තෙ මූණට හිනාවක් අරගෙන.

" හලූ.."

එක අතක ඇඟිල්ලක් ඒ මූණ දිගේ යවන ගමන් මම කියද්දි නීල කොබෙයියා මගෙ අත ගසලා දැම්මෙ කේන්තියෙන්.

" තමුසෙ බිව්වද නිහින්ස?"

වෙනදා වගේම නීල කොබෙයියා කෑ ගහද්දි මම ගසලා දැම්ම අත ආපහු ඒ බෙල්ල වටේ ඔතාගත්තෙ ඇස් හීනි කරලා තොල් ඇදලා හිනා වෙලා.

" ම්හුක්. නරකයා. බනින එකමයි වැඩේ.."

තොලත් නොපිට හරවගෙන මම කියද්දි අභීන් කතා කරන්න හැදුවෙ මම අතකින් එයාගෙ කට වහද්දි.

" ෂ්ෂ්ෂ්. අද... මම තමයි... මෙතන කතා කරන්නෙ. තේ...රුණාද? තේරුණාද?"

ඒ මූණට ඇඟිල්ල දික් කරගෙන මම කිව්වෙ වටේ භ්‍රමණය වෙන නිසා අභීන්ට වාරු වෙන ගමන්.

" තවුසෙ. නී...ල කොබෙයියා. එදා මගෙ කට කාලා. තවුසෙ මා...ව අනාත කරා. පිළිගන්නවද ආ... පිළිගන්...නවද මාව අනාත කරා.. කියලා. තවුසෙ මේ නිහි..න්සව අනා..ත කරා.. කියලා."

මම කෑ ගහලා අභීන්ගෙ බෙල්ල වටේ එතිලා තිබ්බ අත් වලින් අභීන්ව හොලව හොලව අහද්දි අභීන් මගෙ බඳ වටේ අතක් දාගෙන වට පිට බලනවා පෙනුනෙ හරියට කවුරුහරි දැක්කොත් කියලා වගේ.

" තවුසෙ. කුපා...ඩියා. තවුසෙට කෙල්ලෙක් ඉද්දිත් තවුසෙ මාව කිස් කරා. කවුද. ආ... අමෙල්‍යා. අමෙල්‍යා තමයි. එහෙම ඉද්දිත් තවුසෙ මගෙ ෆස්ට් කිස් එකම ගත්තා. තවුසෙ මහ වනචර නීල කොබෙයියෙක්."

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now