පහළොස්වන දිගහැරුම

4.9K 561 93
                                    

Nihinsa's pov,

වේගෙන් දවස් තුනක් ගෙවිලා ගියේ මූණට මූණ හම්බවුණත් අභීන් මගෙ මූණ දිහාවත් නොබලා මාව මග ඇරලා යද්දි.

එදා ගහපු යකා තාම ඇතිනෙ කියලා මම හිත හදාගත්තා. වෙන මොනවා කරන්නද?

ශෙනාල් නම් එදා තරම් අවුලකින් හිටියෙ නෑ. හැබැයි වැඩි කතාවක් නෑ.

(ශෙනාල්)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ශෙනාල්)

දැනුත් ශෙනාල් ඇඳේ හාන්සි වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්නෙ මම ඇඳේ තිබ්බ කොට්ටයක් උගෙ පැත්තට යවද්දි. ඒක උගෙ අතේ වැදිලා ෆෝන් එක ඒකගෙ නහය උඩට වැටුනෙ උගෙ කටින් කුණුහරුප පෝළිමක් පිට වෙද්දි.

" අම්මට හු#&@ වේ@&#* පුතෝ."

ඌ අනිත් පැත්තට මටත් ඒ කොට්ටෙන් දමලා ගහද්දි මම උගෙ ඇඳෙන් වාඩි උනේ ශෙනාලයා කතා කරද්දි.

" බලපන් බන්."

" මොකෝ අවුල."

මම ශෙනාලයගෙන් ඇහුවෙ උගෙ මූණ කුණු වෙච්ච වරකා ගෙඩියක් වගේ වෙලා තියෙද්දි.

" අර හු#&@ ආපහු ලංකාවට ඇවිල්ලා."

" මොන හු@&# බන්?"

මාත් ඒ විදිහටම ඇහුවෙ මූ කියන අපබ්‍රංශෙ තේරෙන්නෙ නැති නිසා.

" අර ගල් මූසලයා. ඌ අද අපේ ගෙදර එනවලු. අපෙ අම්මා කියනවා ලෙක්චර්ස් හවස නිසා කොහෙවත් නොයා ගෙදර ඉන්නලු ඌ එන හින්දා."

" මොකාද දැන් ඌ?"

මොකා උනත් ශෙනාලයා ඌට බනින්නෙ බල්ලෙක්ට වගේ.

" අපෙ අම්මගෙ යාළුවෙක්ගෙ පුතෙක්. ඒ ඇන්ටි නම් මාර හොඳයි. හෙන බිස්නස් ෆැමිලි එකක්. සල්ලි තියෙනවා නාන්න. ඔක්කොම ඉන්ග්ලන්ඩ් හිටියෙ. ඔක්කොම හොඳයි පුතණ්ඩියව තමයි මට පේන්න බැරි. උගෙ හෙන ලොකු කම පොඩි කාලෙ. ඕකා මගෙ සෙල්ලම් බඩුවකුත් කැඩුවා."

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now