හතලිස් හතරවන දිගහැරුම

4.5K 548 217
                                    

" නැගිටින්න මැණික."

උදේ පාන්දර වෙනදට ගුටි පූජාවක් එක්ක බෙලෙක් කටහඬකින් දවස පටන් ගන්න මම ඇස් ඇරියෙ අම්මගෙ කටහඬට.

" අම්..මා."

මම යන්තම් කෙඳිරිගාද්දි අම්මා මගෙ කම්මුලකට හාදුවක් තියනවා දැනුනා.

" නැගිටින්න පුතා. අභීන් නම් නැගිටලා ලැහැස්ති වෙනවා."

අම්මා මගෙ ඔළුව අතගාන ගමන් කියද්දි මම නිදිමතේම නැගිටලා ඇඳෙන් ඉඳගත්තෙ අම්මා මගෙ ඔළුව අතගාලා කාමරෙන් එළියට යද්දි.

ඒක හරි ලස්සන හැඟීමක්. අම්මගෙන් හාදුවක් එක්ක ඇස් අරින එක.

මම නැගිටලා වොශ්රූම් එකට ආවෙ ඉක්මනට දත්සෙට් එක මැදගන්න. මම ලැහැස්ති වෙලා කාමරෙන් එළියට ආවෙ ඒ එක්කම අභීන් එහා පැත්තෙ රූම් එකෙන් එළියට එද්දි.

" ගුඩ් මෝනින්."

මාව දැක්ක අභීන් කියද්දි මමත් අනිත් අතට ගුඩ් මෝනින් කිව්වෙ විරිත්තලා.

" ගුච් මෝනිම්."

මම කියද්දි අභීන් ඉස්සරවෙලා පහළට බැස්සෙ මමත් ඒ පිටිපස්සෙන් පහළට බහිද්දි.

" අම්මි."

අභීන් ඈත තියාම අම්මට කෑ ගහද්දි අම්මා කිචන් එක පැත්තෙ ඉඳන් සාලෙට ආවෙ කෑම දෙකකුත් අතේ තියාගෙන. අභීන්ගෙ අතට කෑම එක දුන්න අම්මා ඊළඟට මගෙ අතට කෑම එක දුන්නෙ හිනා වෙලා.

" ආ චූටි පුතා."

අම්මා මට චූටි පුතා කියද්දි යන්න ගිය අභීන් හැරිලා ඇස් දෙකත් හීනි කරලා මගෙ දිහා බැලුවෙ මම රවද්දි.

දැක්කනෙ තියෙන ඉරිසියාව. ඉරිසියාකාර මුඩුම මුඩුමයා.

අභීන් එළියට බැහැලා යද්දි මම අම්මට දණ ගහලා වැන්ඳෙ අම්මා මගෙ ඔළුව අතගාලා නැගිට්ටට පස්සෙ නළලට හාදුවක් දෙද්දි.

" බුදු සරණයි මැණික. පරිස්සමින් ගිහින් එන්න. අම්මා බලන් ඉන්නවා."

අම්මා කියද්දි මම අම්මට තුරුළු උනේ හිනා වෙලා. කෑම එක වාහනෙන් තිබ්බ අභීන් ආපහු ඇතුළට එද්දි මම අම්මගෙ තුරුලෙන් ඈත් උනේ අභීන් අම්මගෙ නළලට හාදුවක් දෙද්දි.

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now