අසූ පස්වන දිගහැරුම

4.9K 488 249
                                    

මම තාමත් හිටියෙ අභීන්ගෙ බඩේ පදාසයක් ඇඳුමටත් උඩින් දත් වලට අල්ලගෙන වෙද්දි අභීන් අතාරින්න කියන්නද කොහෙද මගෙ පිටට තට්ටු කරත් මම පිස්සු බල්ලෙක් වගේ හපාගෙනම හිටියෙ එයා මගෙ පිට අතගාන ගමන් හිටිය අතෙන් කන් පෙත්ත නියපොතු වලට අල්ලගනිද්දි.

ආව්. කකුල් දෙකත් කැඩිලා ඉන්න මටනේ අඩත්තේට්ටම් කරන්නෙ. දුස්ට පෙම්වතා. ම්හුක්.

චූ යන්න ආව නිසා මම එයාගෙ බඩ හපාගෙන හිටිය දත් සෙට් එක අරගත්තෙ ආපහු ඒ බඩේ මූණ හංඟගන්න ගමන්.

" මිහී. ශෙනාල්ගෙ අයියා ඇවිත් තියෙන්නෙ ඔයා එක්ක කතා කරන්න. මම ළඟ ඉන්නවනෙ. පොඩ්ඩක් අහන දේවල් වලට උත්තර දෙමු. ම්ම්ම්."

අභීන් මගෙ ඔළුව අතගාන ගමන් කියද්දි මම එයාගෙන් ඈත් උනේ රවාගෙන ශෙනාල්ගෙ අයියා දිහා බලන ගමන්.

මුස්පේන්තුවා. අහපිය ඉතින්. මගෙ මූණ කන්න වගේ බලන් ඉන්නෙ. චීස් කෑල්ලක් කියලා රැවටුනාද දන්නෙ නෑ. ලස්සනයිනෙ ඉතිම්. හුම්ම්.

" එදා එවලා තිබුණු ලොකේෂන් එක ළඟට ගියාට පස්සෙ මොකද උනේ. එතන ඉඳන් අර බිල්ඩින් එක ළඟට ගියේ කොහොමද."

වෑන් එකක තමයි ගියේ. සුදු පාවඩක් දාලා හිසට කොහොඹපත්ද පයට අඹ කොළද තබා කකුල් දෙකත් දෝවනය කරලා මාව වෑන් එකට නග්ග ගත්තා. ඊට පස්සෙ බිල්ඩින් එක ළඟින් බස්සලා එතන ඉඳන් ඇතුළට හරහට තියලා වඩාගෙන ගියා. හරියට කිරි දරුවෙක් අරන් යනවා වගේ. ඒකනෙ මෙච්චර ලස්සනට මගෙ මූණ තියෙන්නෙ. හැයි යකෝ.

ශෙනාල්ගෙ අයියා අහද්දි මට නිකනුත් ඒකා එක්ක තියෙන ඇරියස් එක හින්දා මම ඒ මුස්පේන්තු මූණ දිහා බලාගෙන බහුබූත කල්පනා කරද්දි අභීන් මාව එයාට තුරුළු කරගත්තෙ කතා කරන ගමන්.

" ඔයාට අමාරු නම් අපි වෙන දවසක කතා කරමු මිහී."

අභීන් කියද්දි මම ඔළුව උස්සලා අභීන් දිහා බැලුවෙ පූස් මූණක් මවාගෙන.

බලන්න කුඩු මහත්තයා මේ ගෝතයා මගෙ ඔළුවට පිස්ටල් එකක් තියලා ඔයාගෙ මිහීව බය කරා.

" දුශේන් අයියෙ එහෙනම් අපි වෙන දවසකට දා ගමු. හෙට වගේ."

" නෑ. නෑ..අභී මට පුළුවන්. මම කියන්නම්."

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now