වාහනේ හොටෙල් එකේ පාර්කින් එකේ නවත්තද්දි මම හිතට දැනෙන නොසන්සුන්කමක් එක්ක අභීන්ගෙ අත් ගොබයක් අත් දෙකෙන්ම බදාගෙන ඒ උරහිසෙන් ඔළුව තියාගත්තෙ බහින්න බෑ කියන්න.
" මිහී.. ඇයි?"
" සීට් එක පිටිපස්සට කරන්නකො."
මම ඔළුව උස්සලා එයාට කියද්දි එයා මොකුත්ම නොකියා සීට් එක පිටිපස්සට කරේ මම මගෙ සීට් එකේ ඉඳන් එයාගෙ ඔඩොක්කුවට යද්දි. එයාගෙ පැත්තට මූණ දාලා කකුල් දෙකත් දෙපැත්තෙන් දාගත්ත මම ඒ ෂර්ට් එකේ උඩ බට්න් ටික පැන්නුවෙ අභීන්ගෙන් මගෙ නළලට හාදුවක් ලැබෙද්දි.
බට්න් දෙක තුනක්ම පැන්නුව මම ඒ පපුවට කම්මුල හේත්තු කරගත්තෙ එයාගෙ නිරුවත් පපුවෙ උණුසුම කම්මුලට දැනෙද්දි.
" මිහී."
එයාගෙ ඇඟිලි මගෙ කොණ්ඩෙ අතරින් යනවා දැනෙද්දි මම තව ටිකක් එයාට ගුලි උනා.
" ඇයි මැණික."
එයා අහද්දි දෙන්න උත්තරයක් නැති මම ඒ බෙල්ල වටේ අත් ඔතාගෙන නිරුවත් බෙල්ල පාමුලට මූණ තදකරගත්තෙ ඇස් කෙවෙනි වලට හේතුවක් නැතුවම කඳුළු උනලා තියෙද්දි.
මම දන්නෑ ඇයි කියන්න. ඒත් මට අද දවසෙම එයාට මෙහෙම තුරුළු වෙලා ඉන්න හිතෙනවා.
අහේතුවකට උනපු කඳුළු එක්ක මම එයාගෙ බෙල්ලට පාමුලට තොල් තද කරා.
" අභී.."
"ම්න්."
මාව තදට තුරුළු කරගත්ත එයා මගෙ බෙල්ලට වගේම කම්මුලකට තද කරලා හාදුවක් තිබ්බෙ හූමිටි තියන ගමන්.
" දාලා යන්න එපා අභී."
ඉකියක් එක්ක මම ඒ උරහිසේ ඔළුව තියාගෙන කියද්දි ඇස් වලට උනපු කඳුළු එයාගෙ කමිස උරහිස තෙමුවෙ එයා මාව උරහිසෙන් ඈත් කරලා මගෙ කම්මුල් දෙකෙන්ම අල්ලගනිද්දි.
" මන් උඹට තේරුම් කරන්නෙ කොහොමද මිහී. මේ හැමදේම කරන්නෙ දාලා යන්නද මිහී. වචන වලින් රිද්දද්දි දරා ගන්නම් කිව්වට මටත් තියෙන්නෙ පපුවක් මිහී. උඹේ වගේම රතුපාට ලේ පිරුණු හදවතක්. උඹගෙ වචන වලට මෙතන රිදෙනවා මැණික. උඹ මට වචන වලින් නොසෑහෙන්න රිද්දනවා."
YOU ARE READING
-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
Fanfiction𝗔𝗙𝗧𝗘𝗥 𝗧𝗛𝗘 𝗦𝗧𝗢𝗥𝗠 𝗦𝗘𝗔𝗦𝗢𝗡 𝟬𝟮 අවාරෙක මැලවුණු හදට නුඹ තෙමන පොද වැස්සක් වැනී... අහම්බෙක නෙත් ගැටී උන් නුඹ මට වසන්තෙක සිහිනෙකී... #1 - Zhan (02.12.2023) #1 - sl (06.01.2024) #1 - bl (24.01.2024) #1 - sinhala (24.01.2024) #1 - සිංහල (2...