අභීන්ට කෝල් එකක් එද්දි මම කැබින් එකෙන් එළියට ආවෙ වැඩ පටන් ගන්න වෙලාව නිසා. ඉස්සර මාත් එක්ක වැඩ කරපු කවුරුත් ඒ ෆ්ලෝර් එකේ පේන්න නැති වෙද්දි මම නිදහසේ වැඩ ටික කරගත්තා.
කොච්චර කිව්වත් උන ප්‍රශ්නෙ එක්ක මම හිතුවෙ ආපහු කලින් අය එක්ක වැඩ කරන්න වෙද්දි ඒක සැරෙන් සැරෙ උඩට එයි කියලා. ඒත් මම හිතුවටත් වඩා නිදහසක් දැනෙද්දි මම පාඩුවෙ වැඩ ටික කරගත්තා.
හොටෙල් එකට ඒ පැය ගාන ගෙවිලා යද්දි එළියට යන්න වෙනවා කියලා මට කෝල් එකක් දුන්න අභීන් ආපහු ආවෙ මම ඕෆ් වෙන වෙලාව වෙද්දි එයා මට කෝල් එකක් ගත්තෙ එළියට එන්න කියලා.
" මිහී. ඇඳුම් මාරු කරගෙන ඉක්මනට එළියට එන්න. මම ඔයාව ගිහින් දාලා ආපහු ඉක්මනට එන්න ඕනෙ."
" අභීන් ඔයා වැඩ නම් මම බස් එකේ යන්නම්. කමක් නෑ."
මම කිව්වෙ එයා වැඩ අස්සෙත් මාව ගිහින් දාන්න ඇවිත් නිසා.
" මෙන්න මෙහෙ වරෙන් බන්."
අභීන් කියද්දි මම යුනිෆෝම් එක මාරු කරලා බෑග් එකත් අරගෙන එළියට ආවෙ අභීන් පාර්කින් එකේ බයික් එකේ ඉද්දි.
" නගින්න."
අභීන් මගෙ අතට හෙල්මට් එක දීලා කියද්දි මම ඒකත් ඔළුවට දාගෙන බයික් එකට නැගලා සුපුරුදු විදිහට එයාගෙ බඩ වටේ අත් බැඳගත්තෙ ඒ පිටට හේත්තු වෙන ගමන්.
විනාඩි ගානකට පස්සෙ ශෙනාල්ගෙ ගෙදර ගේට් එක ළඟින් බයික් එක නවත්තද්දි මම බයික් එකෙන් බැස්සෙ අභීන් හෙල්මට් එක උඩට කරලා මගෙ නළලට හාදුවක් දෙද්දි.
" ගොඩක් වෙලා ඉන්න බෑ මිහී. මන් කෝල් එකක් දෙන්නම්. ඇතුළට යන්න."
අභීන් කලබලෙන් කියද්දි මම එයාට තුරුළු උනේ මොකක් හරි ලොකු වැඩක් අතරමග ඉද්දි එයා ඒකත් පාඩු කරගෙන ඇවිත් තියෙද්දි.
" පරිස්සමින් යන්න. පරක්කු උනාට වේගෙන් යන්න එපා."
මම ඒ පපුවට හාදුවක් තියලා කියද්දි ග්ලවුස් දාපු අතින් එයා ඔළුව පිරිමැද්දෙ හිනා වෙලා.
" ඇතුළට යන්න."
මම ඇතුළට යද්දි අභීන් බයික් එකත් ස්ටර්ට් කරගෙන ගියේ මට හෝන් එකකුත් ගහගෙන.
YOU ARE READING
-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
Fanfiction𝗔𝗙𝗧𝗘𝗥 𝗧𝗛𝗘 𝗦𝗧𝗢𝗥𝗠 𝗦𝗘𝗔𝗦𝗢𝗡 𝟬𝟮 අවාරෙක මැලවුණු හදට නුඹ තෙමන පොද වැස්සක් වැනී... අහම්බෙක නෙත් ගැටී උන් නුඹ මට වසන්තෙක සිහිනෙකී... #1 - Zhan (02.12.2023) #1 - sl (06.01.2024) #1 - bl (24.01.2024) #1 - sinhala (24.01.2024) #1 - සිංහල (2...