හැත්තෑ තුන්වන දිගහැරුම

4.1K 492 160
                                    

" චූටි පුතා ඔයා බොන්න."

අභීන් ආපහු නංගි එක්ක වලියක් අල්ලගෙන පඩිපෙළ දිගේ උඩට දුවද්දි අම්මා මට කිව්වෙ මාව සාලෙ තිබුණු පුටුවකින් වාඩි කරවන ගමන්. අම්මා එතන තිබුණු කෝප්පයක් අරගෙන කෝල් එක ඉවර කරලා උළුවස්සට හේත්තු වෙලා ෆෝන් එක බලන ගමන් ඉන්න අප්පච්චි ළඟට ගියේ ෆෝන් එකෙන් ඔළුව උස්සලා අම්මා දිහා බලපු අප්පච්චි කෝප්පෙ අතට ගනිද්දි. අම්මා ආපහු අනිත් අතට එන්න හදද්දි අප්පච්චි ඒ බඳ වටේ අතක් දාලා අම්මව එතන නවත්තගත්තෙ මොනවාහරි කියන ගමන්.

මම හිනාවෙලා අහක බලාගනිද්දි රණ්ඩු කරගත්ත පොඩි උන් දෙන්නා පඩිපෙළ දිගේ බිමට බැස්සෙ නංගිගෙ කොණ්ඩෙ කපුටු කූඩුවක් වෙලා තියෙද්දි.

ඒ පොඩි එකීට ගහනවා ඇති අර සන්ධන්ත අත පය වලින්. මේ මිනියට තෙලේ වැඩි වෙලා. අම්මට කියන්න ඕනෙ කන්න දෙන්න එපා කියලා.

අභීන් ඇවිත් මගෙ ළඟින් වාඩි වෙද්දි නංගි අඬාගෙන ගිහින් අභීන්ගෙ අප්පච්චිට තුරුළු උනේ අභීන්ට විරුද්ධව නඩු කියන ගමන්.

" යකෝ දැන් මෙතන්ට එනකන් හොඳට ආවනෙ."

අභීන් කියද්දි අම්මා ඇවිත් අභීන්ට පාරක් දුන්නෙ අභීන් කෑ ගහද්දි.

" මොකද්ද අම්මි. ඔයත් දැන් අර කාණුවෙන් ඇහිඳන් ආව ලැයිම් ආච්චිගෙ පැත්තෙද. අප්පච්චිවත් අල්ලගෙන. මන් හිතුවා අම්මිවත් මගෙ පැත්තෙ ඇති කියලා."

හොඳ වැඩේ. ගහන්න තියෙන්නෙ පුප පුපුරන්න. තවුසෙව තමයි කාණුවෙන් ඇහිදන් ඇවිල්ලා තියෙන්නෙ නීල කොබෙයියා. ඒ කෙල්ල ලැයිම් ආච්චි නම් තවුසෙ ගොඩ්සිලා.

මම හිනා වෙවී හිත යටින් උල්පන්දම් දෙන ගමන් අභීන් ගුටි කනවා බලාගෙන හිටියෙ අභීන් මට රවද්දි.

" උඹ මොකද හිනා වෙන්නෙ."

හැයි යකෝ. මට හිනා වෙන්නත් බැරිද. මේක මාර රටක්නෙ. මන් යනවා මානවහිමිකම් උල්ලංගනය කරා කියලා පොල් කටු උසාවි.

වැඩිය කෑ ගහන්න ආවොත් මට කරන අඩත්තේට්ටම් ටික කියලා අම්මගෙන් තව ගුටියක් ගුටි අරන් දෙනවා කුඩු මහත්තයා උබර්ට.

" දෝණි ඔයත් ඇවිල්ලා මේක බොන්න. නිවිලා තියෙන්නෙ. මොනවා හරි කන්න බොන්න කතා කරාම තමයි රණ්ඩු වෙන්නත් මතක් වෙන්නෙ."

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now