විසි පස්වන දිගහැරුම

4.5K 563 79
                                    

ගමට දවස් තුනක් ගෙවිලා යද්දි මම වගේම ශෙනාල් ආපහු එන්න ලෑස්ති උනේ මම අක්කට දණ ගහලා වඳිද්දි.

" බුදු සරණයි. පරිස්සමින් දෙන්නම."

අක්කා මගෙ ඔළුව අතගාද්දි මම කතා කරේ අක්කගෙ අත් දෙක අල්ලගන්න ගමන්.

" ඔය දෙන්නත් පරිස්සමින් ඉන්න. මන් ආපහු ඉක්මනට එන්නම්."

චූටිත් මට වගේම ශෙනාල්ට දණ ගහලා වඳිද්දි මම ඒ ඔළුව අතගෑවෙ අපි තුන් දෙනාට ඉන්නෙ අපි තුන් දෙනා විතරයි කියලා මතක් වෙද්දි.

ගෙදරින් ආව මම වගේම ශෙනාල් ස්ටේෂන් එකට ත්‍රී වීල් එකක් අරන් ආවෙ එතනින් ට්‍රේන් එකට නගිද්දි.
පාන්දර නිසා මේ වෙලාවට බස් නෑනෙ. ත්‍රී වීල් එකක් කතා කරගෙන තමයි එන්නෙ.

පැය ගානක ගමනකින් පස්සෙ දවල් එක විතර වෙලා තිබුණෙ ශෙනාල් මගදි තාත්තට කෝල් එකක් දුන්නෙ අපිව එක්කන් යන්න එන්න කියලා.

අපි දෙන්නා ට්‍රේන් එකෙන් බැහැලා ශෙනාල්ගෙ තාත්තව හෙව්වත් ශෙනාල්ගෙ තාත්තා වෙනුවට ඇවිත් තිබුණෙ නෙහාන් අයියා වෙද්දි ශෙනාලයව වාහනේට නග්ග ගන්න බැරි උනා.

" තාත්තා මන් ඔයාටනෙ එන්න කිව්වෙ. එක එකාව එව්වෙ මොකටද. මන් බස් එකේ එනවා."

ශෙනාල් තාත්තට කෝල් එකක් අරන් බනිද්දි නෙහාන් අයියා අත් දෙකත් පපුවට බැඳගෙන ශෙනාල්ගෙ මේ කෝලම් දිහා බලන් හිටියෙ බෑග් එක වාහනේට දාලා මමත් එහා පැත්තෙ ඉඳන් බලන් ඉද්දි. මොකද අභීනුත් ඇවිත් තිබුණා.

අභීන් කොයි වෙලාවෙත් නෙහාන් අයියගෙ නැට්ට වගේනෙ යකෝ. නෙහාන් අයියා කොතනද මේකා එතන. දෙන්නා අතර මොකක් හරි සිද්ධ වෙනවතෝ මන්තා.

" තමුසෙගෙ යාළුවට මොකද්ද ඔය තරම් නෙහාන් එක්ක තියෙන අවුල."

" තවුසෙ වගේ පොඩි කාලෙම කට කාලා රට මාරු උනාද කියලා කවුද දන්නෙ."

ආවා මෙතන අවුල අහන්න. බැරි වෙලාවත් නෙහාන් අයියා පහ වසරෙදි ශෙනාලයව අනාත කරලාවත් ගියාද. කියන්න බෑ. මේ මට එහා පැත්තෙ ඉන්න නීල කොබෙයියනෙ යාළුවා. පොඩි කාලෙ කියලා නෑ. කට කාලා අනාත කරලා නම් පව් මයෙ එකා. මාත් ඌට බැන්නා.

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now