විසි එක්වන දිගහැරුම

4.6K 551 81
                                    

"යන්න කලින් කිස් එකක් දීලා යනවා."

කම්මුලත් මට දික් කරගෙන අභීන් කියද්දි මගෙ කට ඇරුනෙ ලැජ්ජ නැතුව මහ පාරෙ මේකා කිස් ඉල්ලන හැටි දැකලා.

දැන් මන් කිස් එකක් දෙයි කියලද මෙයා මේ මූණ දික් කරන් ඉන්නෙ. මොන මගුලක් වෙලාද මේ යකාට.

" ඉක්මනට දෙනවා. මට පරක්කු වෙනවා."

අභීන් තව ටිකක් කම්මුල මගෙ පැත්තට හරවගෙන කියද්දි මම ඇස් හීනි කරගත්තෙ නසරාණි අදහසක් ඔළුවෙ වැඩ කරද්දි.

මේකගෙ කම්මුල් දැක්ක ඉස්සෙල්ලම දවසෙ හිතුන අදහස ක්‍රියාත්මක කරන්නයි මම දැන් යන්නෙ. ෆයිටින්.

මම ඉන්න තැන ඉඳන් ටිකක් ඒ කම්මුල් වලට පහත් උනේ මේකා එහෙන්මම මූණ දික් කරන් ඉද්දි.

ඉඳපන්කො. දෙන්න මම හොඳ කිස් එකක්.

හොඳට කට ඇරලා ඒ මුළු කම්මුලම දත් වලට අල්ලගත්ත මම හයියෙන්ම හපාගෙන හිටියෙ අභීන් කෑ ගහද්දි.

" එහාට වෙනවා නිහින්ස. තමුසෙට පිස්සුද හැදිලද?"

කොච්චර කෑ ගැහුවත් මම ඒ කම්මුල තව ටිකක් තදට දත් වලින් අල්ලගත්තෙ අභීන් මගෙ කොණ්ඩෙන් ඇදලා මාව තල්ලු කරලා දද්දි. එහෙන්මම අභීන් බයික් එකෙන් බහින්න හැදුවෙ එයාට දිවත් දික් කරපු මම ගේට් එකෙන් ඇතුළට දුවගෙන ඇවිත් ගේට් එක ඇතුළෙන් ලොක් කරද්දි.

ආවා මෙතන කිස් ඉල්ලන්න.

ඇතුළට ආව මම බෑග් එක ඇඳ උඩට අත ඇරියෙ හොටෙල් එකට යනවා කිව්ව එකා ආ පයින්ම ආපහු ගෙදර ඇවිල්ලා කියලා දැක්ක ශෙනාල් කට නිකන් බෝක්කුවක් වගේ ඇරගෙන මගෙ දිහා බලාගෙන ඉද්දි.

බ්‍රේක් නැති මැස්සෙක් ආවොත් කෙලින්ම උණ්ඩුකපුච්චෙ නවතින්නෙ.

" ඈ යකෝ. උඹ දැන් හොටෙල් එකට යනවා කියලා නේද ගියේ?"

ශෙනාල් කොළඹට පොල් කට්ටක් පිරෙන්න වැහැලා වගේ පුදුමෙන් අහද්දි ටිකකට කලින් අභීන් නටපු නාඩගම නිසා තාමත් මූණෙ තිබුණු හිනාව අමාරුවෙන් යටපත් කරගත්ත මම සීරියස් මූඩ් එකක් මූණට ගත්තෙ ශෙනාල් ඒ ගමන ඇස් හීනි කරන් මන් දිහා බලාගෙන ඉද්දි.

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now