හැත්තෑ දෙවන දිගහැරුම

4K 500 145
                                    

අශේන් අයියගෙ තාත්තා කතා කරපු එකේ දෙගිඩියාව එක්ක මම අශේන් අයියට කෝල් එකක් ගත්තෙ අශේන් අයියා එහා පැත්තෙන් ෆෝන් එක ආන්සර් කරද්දි.

" නිහින්ස."

" අශේන් අයියෙ මට අශේන් අයියලගෙ තාත්තව හම්බවෙන්න එන්න කියලා කෝල් එකක් ආවා. හේතුව මොකද්ද දන්නෙ නෑ නේද?"

මම කෙලින්ම ඇහුවෙ සුව දුක් අහන්න තරම් වාතාවරණෙක මම හිටියෙ නැති නිසා. මගෙ වචන එක්ක අශේන් අයියගෙ කලබල උන කටහඬ එහා පැත්තෙන් ඇහුනෙ අශේන් අයියා මොකුත් නොදන්න බව මට තේරෙද්දි.

" මොකද්ද? අපේ තාත්තගෙන්."

" ඔව්."

" මටත් හිතාගන්න බෑ නිහින්ස. පොඩ්ඩක් ඉන්න මම තාත්තට කෝල් එකක් දීලා බලන්නම්."

මට උත්තරක් දෙන්න ඉඩක් නොදී අශේන් අයියා කලබලෙන්ම කෝල් එක කට් කරේ මම කට් උනු කෝල් එක දිහා ඔහේ බලන් ඉද්දි.

අහලා කියයිනෙ එහෙනම්. අනේ මන්දා අමුතු බයකුත් හිතෙනවා. චූටිගෙ හිත රිදෙන දෙයක් නෙවෙයි නම් ඒ ඇති.

ලොකු හුස්මක් පහත දැම්ම මම ගෙදර ගියාද කියලා දැනගන්න අභීන්ට මැසේජ් එකක් දාලා ඇඳට වැටුනෙ ඇඟේ තෙහෙට්ටුවත් එක්ක.

.

.

පහුවදා ආයෙමත් පුරුදු කාලසටහනට හැඩගැහෙද්දි මම වගේම ශෙනාල් නිවාඩුවෙන් පස්සෙ කැම්පස් ආවා.
ශෙයාර් උනු ෆොටෝ එකේ සිද්ධිය එක්ක මම කැම්පස් ආවෙ හිතේ දෙගිඩියාවෙන් වෙද්දි ළඟම ආශ්‍රය කරපු උන් ටික දෙනා නම් ඇත්ත දැනගෙන හිටියත් උන් ඇරෙන්න වෙනදට හිනාවෙලා කතා කරන අය මග ඇරලා යද්දි මම හිත යටින් සෑහෙන කඩාගෙන වැටිලා හිටියත් ඒ බව පිටට නොපෙන්වා ඉන්න මම සෑහෙන පරිස්සම් උනා. කොච්චර එහෙම ඉන්න හැදුවත් මගෙ පොඩි වෙනස් වීමක් පවා අඳුර ගන්න ශෙනාල්ට හැමදේම දැනිලා තිබුණෙ ශෙනාල් මගෙ ළඟින් වාඩි වෙද්දි.

" අවුල් ගන්න එපා බන්. ඇත්ත මොකද්ද කියලා අපි දන්නවනෙ. ඕකුන්ගෙන් එක අතකට අපිට ඇති වැඩකුන් නෑනෙ බන්."

ශෙනාල් මගෙ මගෙ ඔළුව අවුල් කරන ගමන් කියන්නෙ මම යන්තම් හිනාවක් දෙද්දි.

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now