දාහත්වන දිගහැරුම

4.6K 534 110
                                    

Abhin's pov,

" අයියා. අදවත් මාව ගන්න ක්ලාස් එකට එනවකො හලෝ. මොකද්ද අප්පා."

මම හොටෙල් එකට යන්න ලෑස්ති වෙන ගමන් ඉද්දි නංගි මගෙ පස්සෙන් ඇවිද ඇවිද මාව කූරු ගාන්නෙ එක්කන් යන්න ක්ලාස් එක ළඟට එන්න කියලා.

" බලමු. බලමු. තමුසෙ මොකටද ඔය මට එන්න කියන්නෙ කියනවකො."

" ඒක ආවම කියන්නම් අනේ. ඔන්න එහෙනම් එන්න ඈ. මගෙ සුදු අයියා. උම්ම්මා."

" එහාට යනවා බලු කෙල ගාන්නෙ නැතුව."

නංගි බටර් පාරක් ගාන ගමන් මගෙ බෙල්ලෙ එල්ලිලා කම්මුලකට හාදුවක් දුන්නෙ අම්මි තේ එකත් අරගෙන කාමරේට එද්දි.

" මේ මොකද මේ. ඩීල් එකක්වත් ගැහුවද දෙන්නත් එක්ක. මෙච්චර ආදරෙන් ඉන්නෙ."

" දැක්කනෙ අයියා. අපි ආදරෙන් හිටියත් වැරදියටමයි පේන්නෙ."

මම ඇඳේ වාඩි වෙලා සපත්තු දෙක දාගනිද්දි අම්මි තේ එක මේසෙ උඩින් තිබ්බෙ නංගි නෝක්කාඩු කියද්දි.

" තමුසෙ ඕන නැති වැඩ කරලා අහුවෙන්න එපා මට හොඳේ."

මම සැර කරලම කිව්වෙ දවස් ගානක ඉඳන් මට ක්ලාස් එක ළඟට එන්න කියන එකේ හේතුව හිතාගන්න බැරුව. නංගි එළියට යද්දි මම මග් එක අතට ගත්තෙ ඇඳෙන් නැගිටින ගමන්.

" අද අප්පච්චි ශොපින් මෝල් එක පැත්තෙ යන්නෙ නෑ කියලා මට ඒ පැත්තටත් යන්න කිව්වා. මොකද දන්නෙ නෑ."

" හ්ම්ම්. අද අපි දෙන්නා ගමනක් යනවා."

මගෙ ටයි එක හදන ගමන් තොල් වල හිනාවක් තියාගෙන අම්මි කියන්නෙ මම ඇස් හීනි කරලා අම්මි දිහා බලද්දි.

" ඒ කොහෙද?"

" ඔයාට මොකටද?"

අම්මි තොල් උල් කරගෙන කියද්දි මම කතා කරේ මග් එක අම්මිගෙ අතට දෙන ගමන්.

" ඔව්. ඔව්. මායි නංගියි දෙන්නම ගෙදර නෑනෙ. මේ දෙන්නා ලව් කරන්න යනවද කොහෙද? හ්ම්ම්. හ්ම්ම්. හොඳයි. හොඳයි."

" මොනවද ළමයො කියන්නෙ?"

මම කියද්දි අම්මි කෑ ගැහුවෙ ලැජ්ජාවට ඒ කම්මුල් රතු වෙලා තියෙද්දි.

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now