හතලිස් තුන්වන දිගහැරුම

4.4K 540 125
                                    

අම්මට කියලා කවාගත්ත මම රූම් එකට ආවෙ ඇඳුමක් මාරු කරගන්න. එන ගමන් අම්මගෙන් අභීන්ගෙ ඇඳුමක් ඉල්ලගෙන ආව මම ඒකත් අරගෙනම බාත්රූම් එකට ආවා.

මේකා මට වඩා තඩියිනෙ අෆ්ෆා.

උරහිසෙන් හැලෙන ටී ෂර්ට් කර උස්සන ගමන් මම ඇඳුම මාරු කරගෙන එළියට ආවෙ මගෙ ෆෝන් එක රින්ග් වෙනවා ඇහෙද්දි. මම ෆෝන් එක අතට ගත්තෙ ඒක සේව් කරලා නැති නම්බර් එකක් නිසා ටික වෙලාවක් රින්ග්ස් යනකන් තියලා ආන්සර් කරන ගමන්.

"හෙලෝ."

මම කෝල් එක ආන්සර් කරලා කනේ තියාගත්තෙ ගත්ත කෙනා එහා පැත්තෙන් කතා කරනවා ඇහෙද්දි.

" නිහින්ස. මම නෙහාන්."

නෙහාන් අයියා. මට මොකටද ගන්නෙ.

" ඔව් අයියෙ."

" මේ.."

මම කියද්දි නෙහාන් අයියා මොකක් හරි මගෙන් අහන්න පැකිළුනෙ මම කියනකන් බලාගෙන ඉද්දි.

" මේ ශෙනාල්ට එක නම්බර් එකයිද තියෙන්නෙ."

" දෙකක් තියෙනවා අයියෙ. හැබැයි හැත්ත හතේ එක තමයි පාවිච්චි කරන්නෙ. ඇයි ඒක වැඩ නැද්ද?"

මම අහද්දි නෙහාන් අයියා කතා කරේ අනිත් නම්බර් එක ඉල්ලන්න.

මේකට එදා සත පට සත්තපඩි වෙන්න කාපුවා මදි වෙලා වගේ. මම නම් කියන්නෙ නහය කැඩෙන්නම දෙන්න තිබුණෙ.

" නෑ නිහින්ස. මට අනිත් එක එවනවද?"

" හා. මන් බලන්නම්."

නෙහාන් අයියා කෝල් එක කට් කරද්දි මම කොයි එකටත් කියලා අනිත් පැත්තට ශෙනාල්ට කෝල් එකක් ගත්තෙ මුගෙ නම්බර් එක වැඩ නැද්ද කියලා බලන්න උනත් රින්ග්ස් යනවා.

" නිහින්සයා කියපන්."

මේ මූ ආන්සර් කරන්නෙ.

" මොකෝ කරන්නෙ?"

" කනවා."

මුගෙන් මොකද කරන්නෙ කියලා අහපු මෝඩකම. කොයි වෙලාවෙත් කා කියාගත්ත ගමන්මයි. මුගෙ ශබ්ද කෝෂෙ ආසම වචනෙ කනවා. ආසම අකුර කා යන්න. මොන ජාතියෙ ජීවියෙක්ද මන්දා.

" නෙහාන් අයියා උඹේ අනිත් නම්බර් එක ඉල්ලනවා. දෙන්නද?"

මම කිව්වත් ශෙනාල්ගෙන් එහා පැත්තෙන් සද්දයක් නැති උනා.

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now