පනස් අටවන දිගහැරුම

4K 522 240
                                    

"කමින්."

මම ඇතුළට යද්දි අභීන්ට ඉස්සරහයින් අර පැස්බරී වාඩි වෙලා හිටියා. ටයිට් ගවුම දණහිසෙනුත් උඩට පලලා තියෙද්දි කකුල ඔක්කොම පෙන්නගෙන තව කකුලක් උඩ කකුලකුත් දාගෙන හිටියා.

ඕවට නම් අභීන්ට නගින්නෙ නෑ හැබැයි. නැග්ගොත් බස්සන හැටිත් දන්නවා මම.

" මේක උදේ ක්ලීන් කරලා ඇත්තෙ."

මොබ් එක අත් දෙකෙන්ම මිරිකගෙන බලාගෙන ඉන්න මට අභීන් කියද්දි මම මොකුත් නෑහුන ගානට පොළොව උලාගෙන උලාගෙන ගියේ කක්කුට්ටෙක් වගේ ඇදේටත් උල උල මුළු කැබින් එක පුරාම යන ගමන්.

ඔව්. ඔව් ඉතින්. උදේ ක්ලීන් කරාට මක් වෙනවද. මම ආපහු ක්ලීන් කරනවා. පැස්බරී යනකන්ම මම උල උල ඉන්නවා.

" අභීන් අපි කොහෙ හරි යමුකො. නෙහානුත් ඉන්නවනෙ. ඔයාලට වැඩ නම් අපිට ත්‍රී ඩේස් වගේ එකක් දාගමුකො. හයිකින් වගේ හොඳයි නේද අභීන්. මට බිස්නස් භාර ගන්න කලින් පොඩ්ඩක් ඔළුව රිලැක්ස් කරගෙන ඉන්න ඕනෙ."

අනේ ඇත්තට. ඉතින් අපිට පුපද. ඔළුව රිලැක්ස් කරගන්න ඕනෙ නම් භූමිතෙල් කාලක් ඔළුවෙ හලාගෙන ගිනි කූරක් ගහගනින්. එතකොට උඹේ ඔළුව විතරක් නෙවෙයි අපේ ඔළුවත් රිලැක්ස්.

ආස ඇති මගෙ මිනිහාවත් කුදලන් රෝන්දෙ යන්න. සෝ සොරි මිස් ඩිස්නි. අභීන්ට ඔයා එක්ක ගියොත් ඊළඟ දවසෙ කකුල් කඩාගන්න තමයි වෙන්නෙ. මේ නිහින්ස කිව්වොත් කිව්වා. ආයෙ ඉතින් දෙකක් නෑ අම්මපා කකුල් දෙකම කඩනවා මම.

අනික දැන් බිස්නස් වැඩ කතා කරන්න කියලා ඇවිල්ලා මේවද කතා කරන්නෙ. හරි සෝක්. වෙරි ගුඩ්. ඉඳපන්කො මම ශෙනාලයවත් ෆෝම් කරලා ගන්න. එතකොට උබලා දෙන්නට හයිකින්ම යන්න පුළුවන්.

" මිස් පොඩ්ඩක් කකුල උස්සනවද? මොබ් කරන්න ඕනෙ."

මේසෙ අස්සට මොබ් එක දැම්ම මම හෙන සද්දෙන් පුටු කකුල් වල මොබ් එක වද්දන ගමන් පැස්බරීගෙ සපත්තුව මොබ් එකෙන් මැද්දෙ පැස්බරී බෙට්ටක් පෑගුනා වගේ කකුල් දෙක එහාට ගනිද්දි.

" බෙට්ටක් වගේ වාඩි වෙලා ඉන්නෙ එහාට යන්නකො මිස්. මේක මොබ් කරන්නෙ කොහොමද? අපි එපැයි මේවා භාගෙට කරාම ඒකටත් බැනුම් අහන්න."

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now